පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“රාජ්‍ය සේවය සදහා පුද්ගල සංවර්ධනය”  පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (23) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.

“රාජ්‍ය සේවය සදහා පුද්ගල සංවර්ධනය”  පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (23) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.

“රාජ්‍ය සේවය සදහා පුද්ගල සංවර්ධනය”  පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (23) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.

සේවා අභිමානයක් ඇති කරමින් නව නිර්මාණශීලි දැක්මක් සමගින් පුද්ගල සංවර්ධන ඇති කිරීමත් එමගින් ආයතනයන්හි කාර්යඵල ඉහළට ගෙන ඒමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් සභාවේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී වූ අතර , මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ඌව පළාත් සභාවේ මාර්ග සංවර්ධන  අමාත්‍යංශයේ හිටපු ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා විසින් සිදුකරන ලදී. 

මෙම වැඩසටහනේදී සුභවාදී ආකල්ප සංවර්ධනය කර ගන්නේ කෙසේද, පවතින අර්බුදයන් හමුවේ ජීවිතය හා රාජකාරි ජීවිතය ජයගැනීම සදහා වූ ප්‍රවේශ මාර්ගයන් හදුනා ගැනීම, සමාජ සංවර්ධන කාර්යය සදහා රාජ්‍ය සේවකයාගේ භූමිකාව වඩා අර්ථවත්ව ලබාදීමේ ප්‍රවේශයන් හදුනා ගැනීම , ධානාත්මකව සිතීමේ ප්‍රවේශනයන්, විකල්ප භාවිතයට හුරුවීම හා වෙනස්ව සිතීමට පෙළඹවීම, තරගකාරිතවයට නොව සාමුහිකත්වය වර්ධනයට වැඩි නැඹුරුවක් ඇති කිරීම හා සමාජ ධර්මතාවන්හි ධානාතමක බලපෑම ජීවිතය සාර්ථකත්වයට යොදා ගන්නා අයුරු පිළිබදව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් දැනුම ලබාදීම සිදු කෙරින.

රාජකාරි කටයුතු වඩා කාර්යක්ෂම හා ජනතා හිතවාදී ලෙස ඉටු කිරීමේදී කාලිනව  නිලධාරින් තුළ ගොඩනගාගත යුතු ආකල්පමය පරිවර්තයක්  ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook