තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී අංශය ජනතා අයිතියට....
මාතලේ, තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී අංශය ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 15.6 කි. අරමුදල් සපයන ලද්දේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගිනි.
මෙයට සමගාමීව රෝහල් පරිශ්‍රයේ දී රුක්රෝපණ වැඩසටහනක්ද සංවිධානය කොට තිබිණි.
ආණ්ඩුකාර ගමගේ මහතා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ රෝහල නිරීක්ෂණයට එක්වෙමින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ සුවදුක් විමසීමටද පියවර ගත්තේ ය.
මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් , හිටපු මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්.යසමාන යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සිසිර රණමෙරමුල්ල යන මහත්ම මහත්මීහුද , ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.