
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්.
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්.
වර්තමාන ලෝකයේ ප්‍රබල බලශක්ති අර්බුදයකි. ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ද මෙම අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණක දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන්, මැදදුම්බර ප්‍රාදේශිය ලේකම් යු.ජි.ඉන්දික අනුරුද්ධ පියදාස මහතාගේ ආරාධනයෙන් “බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් 2022-11-25 දින මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන ) චතුරිකා දයානන්ද , මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) ලලිතා අබේසිංහ හා පරිපාලන නිලධාරි පි.එම්. අබේරත්න බණ්ඩා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මියගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.