පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ජලයෙන් විය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ජලයෙන් විය.

අද පෙරවරුවේ මහනුවරට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර බෝගම්බර බස් පර්යන්තය දෙසින් ගලා ආ මහා ජල කදට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ජලයෙන් විය. එහි පැති බැම්ම කැඩී ගොස් ඇති අතර පෙළපොත් සහ ලිපි ගොනු ගබඩා කොට තිබු කාමර කිහිපයක් ම මෙම ජල පහරට ගොදුරු ව ඇත. සිද්ධිය සැලවූ වහාම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ගේ නිරීක්ෂණයට ලක්විය. පළාත් අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමසිංහ සහ අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුන් ද සහාය වෙමින් ජල පහරට අසුවූ ලිපි ලේඛන කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක නිලධාරින් ගේ දායකත්වය ලබා ගනිමින් එම ස්ථාන වලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook