පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර නගරයේ හදිසි ජල ගැලීම් පාලනයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි.

මහනුවර නගරයේ හදිසි ජල ගැලීම් පාලනයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි.

මහනුවර නගරයේ හදිසි ජල ගැලීම් පාලනයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. පළාත් ආණ්ඩුකාරවරයා රජයට දැනුම් දීමට තීරණය කරයි. පසුගිය වර්ෂා සහිත කාලගුණික තත්වය යටතේ දැඩි ජල ගැලීම් වලට ලක් වූ මහනුවර නගරය ඉදිරියේ දී එවන් අවාසනාවන්ත තත්වයක පත් නොවීමට නම් එක් එක් ආයතන විසින් පසුගිය කාල සීමාව පුරා සිදු කොට ඇති අවිධිමත් ඉදි කිරීම් සහ අත් හැර දමා ඇති ඉවත් කල යුතු අබිලි සහ අර්ධ ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් අදාළ පාර්ශවයන් ට පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දෙයි. අපදා තත්ත්වයට මුහුණ දීම සදහා කෙටි කාලීනව ඉටු කල හැකි සියලු කාර්යයන් ට ප්‍රමුඛත්වය ලබා දී සතියක් තුල නිම කරන ලෙසත් , මධ්‍ය කාලින වැඩ පිළිවෙල පිළිබද අදාළ ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් , දීර්ඝ කාලින වූ ස්ථිරසාර වැඩපිළිවෙලක් සදහා විශාල මුදලක් අවශ්‍ය වන බැවින් එය නිශ්චිත ලෙසට ම සකස් කොට ජනාධීපති වරයා සහ රජයේ අදාළ කණ්ඩායම් වෙත දැනුම් දීමටත් පියවර ගන්නා මෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා දැනුම් දුන්නේ ය. අද පස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මධ්‍යම පළාත් අපදා කළමනාකරණය පිළිබද විශේෂ සාකච්ඡාව සහ මිට ඉහත දී පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීමේ රැස්වීමේ දී මහනුවර නගරයේ ජල ගැලීම් පාලනයේ දී 2012 වර්ෂයේ දී සිදුවූ මෙවන් තත්වයක් යටතේ හදුනා ගනු ලැබූ ඉතා කඩිනමින් කල යුතු වූ හදුනා ගැනීම් පිළිබද ඇල්මැරුණු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුලින් සහ පසුගිය කාල සිමාවේ නගරය ආශ්‍රිතව සිදු කල විවිධ ව්‍යාපෘති ,මහනුවර නගර සභාව මුලිකව අදාළ පාර්ශවයන් දැනුවත් නොකොට සිදු කිරීම වැනි කරුණු කිහිපයක එකතුවකින් ඇතිවූ ගැටලුවලින් පිඩා විදීමට සිදුවන්නේ අහිංසක මිනිසුන්ට බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. හල්ඔය, මැද ඇළ , දුම්රිය පොළ, බෝගම්බර සහ නගරය පිලිබදව හදුනා ගත් හදිසි අලුත්වැඩියාවන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, මහනුවර මහා නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය , මහවැලි අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වලට කාර්යයන් කොටස් කොට පවරා දෙනු ලැබූ අතර ඒවා කඩිනමින් නිමා කිරීමට කටයුතු කරන ලෙසත් . ඒ සම්බන්ධයෙන් වන ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අදාල ආයතන ප්‍රධානින් වෙත දන්වනු ලැබිය. මෙම ව්‍යාපෘතියට සමගාමිව අකුරණ නගරය සහ ගම්පොල නගරය ආශ්‍රිත ක්‍රියාකාරම් පිලිබදව විමසුමට ලක් කෙරෙනි. මෙම රැස්වීමට මහනුවර පුරපති කේසර සේනානායක, ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොළ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළුව මහනුවර නාගරික කොමසාරිස් ,අකුරණ සහ ගගපලාත ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රධාන ඉංජිනේරුවන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook