
විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගමින් .
විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගමින් .
විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගම අධ්‍යාපන කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.
එම වැඩසටහනට සමගාමිව වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2024 ) විභාගය මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13 ) මඩවල මදිනා ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
කලාපයේ පාසල් නියෝජනය කරමින් උ/පෙළ දරුවන් 250 දෙනෙකු පමණ සහභාගී වූ මෙම වැඩසටහනේ සමපත්දායකත්වය කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් ලබාදෙන ලද අතර , වැඩසටහන සදහා අනුග්‍රහය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් ලබාදෙන ලදී. මෙම වැඩසටහන සදහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(සංවර්ධන)මනෝජ් සෙනෙවිරත්න , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.වී.චාන්දනී යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.