
රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කරයි…
රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කරයි…
නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව (21) දින සිට තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
එම මාර්ගය අධික බැවුම් සහිත මාර්ගයක් නිසා මිට ඉහත රිය අනතුර ගණනාවක් සිදු වි ඇති බැවින් එම මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතා සහ නානුඔය පොලිසියේ පොලිස් නිලධාරින් තමන්ගෙන් කල ඉල්ලිමක් මත මෙම පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
එම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන නානුඔය කිරිමැටිය මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසත් , නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම් කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශව සමග සාකච්ඡා කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
(20) දින රාත්‍රි 7 ට පමණ නුවරඑලිය සිට කොළඹ දක්වා පාසල් ළමුන් පිරිසක් රැගෙන ගිය පෞද්ගලික බස් රථයක් රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වත්ත ප්‍රදේශයේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු වැන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටිමෙන් පසු වැන් රථය , ත්‍රිරෝද රථය සහ බස් රථය තේ වත්තට පෙරලි සිදු වු අනතුරකින් වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස් දෙනෙකු සහ වැන් රථයේ රියදුරා , ත්‍රිරෝද රථයේ රියදුරත් එම ස්ථානයේදිම මිය ගොස් ඇති බවත්, බස් රථයේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් 41 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද නානුඔය පොලිසිය පැවසිය.
වැන් රථය අනතුරට පත් වන අවස්තාවේ වැන් රථය තුල 09 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් හයදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අනතුරෙන් ජිවිතක්ෂයට පත් ත්‍රිරෝද රථ රියදුරා (27) නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, වැන් රථයේ රියදුරා හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් මියගිය එකම පවුලේ පස්දෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම පිරිස නුවරඑලිය ප්‍රදේශයේ රෝගි තත්ත්වයෙන් පෙලෙන පවුලේ ඥාතියෙකුගේ බැලිමට යමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත.