පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාතේ  ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ඔසු උයනක්.

මධ්‍යම පළාතේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ඔසු උයනක්.

මධ්‍යම පළාතේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ඔසු උයනක්. දෛනිකව පළාත් ආයුර්වේද රෝහලේ රෝගීන් සදහා අවශ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය රෝහල් පරිශ්‍රයේම වගා කොට සපයා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. 75 වන නිදහස් සැමරුමට සමගාමී ව නිදහස් දින පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පළමු ඖෂධ පැළ ය රෝපණය කරමින් ඔසු උයන ස්ථාපිත කිරීමේ කටයුතු මුල පිරීය. පළාත් ආයුර්වේද රෝහලට අයත් භුමිය භාවිතයට ගනිමින් අංකෙන්ද , මදටිය ,නික ඇතුළු වගා කල හැකි සියලු ඖෂධ වර්ග මෙහි රෝපණය කරනු ලබන එමගින් පළාතේ ආයුර්වේද නිෂ්පාදනාගාරයට අවශ්‍ය ප්‍රමිතිගත ඖෂධ අමුද්‍රව්‍ය සපයා ගැනීම තුලින් අමුද්‍රව්‍ය සදහා මාසිකව වැය වන රුපියල් මිලියනයක පමණ මුදලක් ඉතිරි කරගැනීම ඉලක්කය වේ. පලාතට අවශ්‍ය සියලුම ආයුර්වේද ඖෂධ පළාත් නිෂ්පාදනාගාරයේම නිපදවේ. ඔසු උයනේ පැල රෝපිත අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් සෞඛ්‍ය ලේකම් සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සේවා ආවරණය කෙරෙන ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එච්.එම්. යු. බි හේරත් මහතා ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook