පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්.

මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්.

මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්. සංචාරක සංවර්ධනය, පුද්ගල ශාරීරික සුවතාවය උදෙසා පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම හා ව්‍යාවසායක සංවර්ධනය ඉලක්කව නිදහස් මාවත නමින් නව වැඩසටහනක් මහනුවර ගන්නොරුව මාර්ගයේ දියත් කෙරේ. පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ දංගොල්ල මංසන්ධියේ සිට ගොරකාදෙනිය මංසන්ධිය දක්වා වූ මාර්ග කොටස නිදහස් ක්‍රියාකාරකම් වලින් සහ වෙළද අවස්ථා සදහා වෙන් කර දෙමින් විවිධ ක්‍රියාකාරකම් එම පරිශ්‍රය තුල සංවිධානය කොට ක්‍රියාවට නැංවේ. සංචාරක, ක්‍රීඩා, කර්මාන්ත , කෘෂිකර්ම , ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් මෙම ව්‍යාපෘතිය සදහා විවිධ අංග සදහා සහභාගී කර ගැනේ. 75 වන නිදහස් සැමරුමට සමගාමී ව නිදහස් දින පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පළමු වැඩසටහන පේරාදෙණිය උද්භිත උද්‍යානය අසලින් නිදහස් පාපැදි ධාවනයක යෙදෙමින් වැඩසටහන ට මුල පිරීය. උද්භිත උද්‍යානය වටා පාපැදියෙන් ගමන් කොට නිදහස් මාවත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පරිශ්‍රයට පැමිණි දෙස් විදෙස් සංචාරක කණ්ඩායම ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් වට සහභාගී විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තු වේ කෘෂිකර්ම උද්‍යානය, ගොවිපොළ, කෞතුකාගාරය ආදිය නැරඹිමටත් ,සිතුවම් කරණය , විදි නාට්‍ය ,ශාරීරික ව්‍යායාම , කණ්ඩායම් පාපැදි ක්‍රියාකාරකම් ඇතුළු අවස්ථා රැසකින් සමන්විතවූ නිදහස් මාවත ව්‍යාපෘතිය ආණ්ඩුකාරවර ගමගේ මහතාගේ සංකල්පනාවකි. නුවරට ආවේනික ආහාර ක්‍රමවේදයන් ,ආවේනික පලතුරු සහ අල වර්ග ඇතුළු ආහාරපාන සංචාරකයන් වෙත ආකර්ෂණයක් ඇතිකරවන අයුරින් ප්‍රචලිත කරවීම ද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත තවත් ඉලක්කයකි. පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවීමෙන් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කල නිදහස් මාවත වැඩසටහන සදහා පළාත් සංචාරක , ක්‍රීඩා , සංස්කෘතික, කෘෂිකර්ම ආදී දෙපාර්තමේන්තු සහාය දැක්විය. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව හදබිම අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහනුවර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන සහ Biye -B සංවිධානය ,මහනුවර පාපැදි සංගමය, පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ශව රාශියක් එක්ව සිටියේය. ආරම්භක අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ නිලධාරින් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook