
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති හා සාමාජික තනතුරු සඳහා නිලධාරීන් පත්කෙරේ.
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති තනතුරට හා සාමාජික තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් අද දින (28) පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙම පත් කිරීම් සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 (ඇ) වන වගන්තිය යටතේ ආණ්ඩුකාර ධුරයට පැවරී ඇති බලතල ප්‍රකාරව ය.
මේ අනුව මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති තනතුරට නීතීඥ නිමල් ද සේරම් මහතා පත් කෙරිණි.
සාමාජික තනතුරු සඳහා පත් කෙරුණේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර මහත්මිය, නීතිවේදී එන්.සී. විජේවර්ධන මහත්මිය ,මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුරි තිලකරත්න මහත්මිය , රටේමුල්ලේ මුදන්නායක මහතා හා මධ්‍යම පළාත් පුස්තකාලයාධිපති සී.එස්.කේ.යාපා මෙනෙවිය යි.
මෙම සියලු පත්කිරීම් 2023 මාර්තු මස 01 වන දින සිටි වර්ෂ තුනක කාල සීමාවක් සඳහා බල පැවැත්වේ.