පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාතේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වේ.

මධ්‍යම පළාතේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වේ.

මධ්‍යම පළාතේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වේ. මධ්‍යම පළාතේ වෙසෙන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටළු සදහා විසදුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන අපනයන වෙළෙදපොල ඉලක්කව යොමුකිරීමේ අරමුණෙන් සංවිධානය වූ විශේෂ සාකච්ජාවක් ඉකුත්දා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් අනුව මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහනට සමගාමිව ආණ්ඩුකාරවරයා ගේ ඉල්ලීම මත කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙම විශේෂ වැඩසටහනට සහභාගී වූ අතර මෙහිදී මධ්‍යම පළාතේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ විවිධ වූ දේශීය නිෂ්පාදනයන් අගය එකතුකරමින් සිදුකල නව නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද සංවිධානය කොට පැවතුනි. මෙහිදී කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම, නව යෝජනා ඉදිරිපත් කිරීම හා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව වැඩසටහන් පිළිබදව කරුණු පැහැදීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ , කර්මාන්ත හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් , කිතුල් සංවර්ධන මණ්ඩලය , කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුලු ආයතන රැසකින් නිලධාරින් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook