පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නුවරඑළිය වසන්ත සැණකෙළිය 2023 ඇරඹේ.

නුවරඑළිය වසන්ත සැණකෙළිය 2023 ඇරඹේ.

සෑම වසරකම අප්‍රේල් මාසය පුරා නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වසන්ත සැණකෙළිය 2023 මෙවරත් උත්සවාකාරයෙන් පසුගිය දා ආරම්භ විය.නුවරඑළිය මහා නගර සභා නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, හා නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම විශේෂිතයි.පාසල් ළමුන්, ත්‍රිවිද හමුදාව හා පොලිසිය ඉදිරිපත් කළ තූර්ය වාදක සංදර්ශණ මගින් මෙම උත්සවය විචිත්‍රවත් කෙරිණි.මෙම අවස්ථාවට හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook