
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය පළාත් භාණ්ඩාගාර බී. කණ්ඩායමට.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට මධ්‍යම පළාත් භාණ්ඩාගාර බී. කණ්ඩායම සමත්වේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය 05 දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත් විය.
මෙම තරගාවලියේ අනුශුරතාවය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල (මහනුවර) කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. පළාත් රාජ්‍ය ආයතන අතර පැවති මෙම තරගාවලිය සදහා කණ්ඩායම් රැසක් සහභාගි විය.