
සෙංකඩගල වෙසක් කලාපය ට සමගාමිව මහනුවර අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය සංවිධානය කරනු ලැබූ බත් දන්සැල
මධ්‍යම පළාත් සභාව මුලිකව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ සංවිධාන එක් ව සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය ට සමගාමිව මහනුවර අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය සංවිධානය කරනු ලැබූ බත් දන්සැල පසුගියදා මහනුවර දේව විදියේ වතුර මල අභියස දී ක්‍රියාත්මක විය.ගෝල්ඩන් ක්‍රවුන් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රියානන්ද විජේසුරිය මහතා ඇතුළු කාරය මණ්ඩලයේ ආරාධනාවෙන් අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඩරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශවයේ අනු නායක දිබුල් කුබුරේ විමලධම්ම සහ අනු නායක නියංගොඩ විජිත සිරි යන නායක හිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කොට මෙම අවස්ථාවට ආශිර්වාද ගැන්විය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ , ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , මධ්‍යම පළාත් නියෝජය පොලිස්පති මහින්ද ලියනගේ යන මහත්වරුන් ඇතුළු විශාල ආරාධිත පිරිසක් ආරම්භක අවස්ථාවට එක් විය. මෙම දන්සැලෙන් 8000 දෙනා වෙනුවෙන් ප්‍රනීත දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු යොදා තිබිණි.