පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

හසලක  ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉදි කළ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට.

හසලක ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉදි කළ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට.

හසලක ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉදි කළ නව ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් (16) මගී ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ගොඩනැගිල්ල ඇතුළු බස් නැවතුම් පොළේ පහසුකම් පුළුල් කරලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 32ක මුදලක් වැය කොට තිබේ. හසලක නගරය වෙත මෙම මූල්‍ය ප්‍රතිපාදනය ලැබුනේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීම මත ය.අම්පාර, මඩකළපුව හා බිබිල යන ප්‍රදේශ සහ මහනුවර , කොළඹ යන ප්‍රදේශ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කෙරෙන්නේ හසලක බස් නැවතුම් පොළ හරහා ය. මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ මෙම ගොඩනැගිල්ල මගී ජනතා අයිතියට පත් කෙරුණු අවස්ථාවට මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක හා අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් කමල් බෙලිගොල්ල යන මහත්වරු ද, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය හා පළාත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය ද, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ද, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ බණ්ඩාර මහතා ද , මිනිපේ ප්‍රාදේශීය ලේකම් ද, මිනිපේ ප්‍රදේශීය සභා ලේකම් නිමල් මහවත්ත මහතා ද සමඟ රජය නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීහු ද , හසලක නගර වාසීහු හා මගී ජනයා ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook