පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මානව ධර්මතා ප්‍රවර්ධනයට නව කියවීමක්.

මානව ධර්මතා ප්‍රවර්ධනයට නව කියවීමක්.

මානව ධර්මතා ප්‍රවර්ධනයට නව කියවීමක්. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ වෙසෙන සියලුම ජාතීන් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් අධිකරණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික සංහිදියාව ජනගත කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතිය ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥය ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මෙහිදී කළු සිදු වාර්ගික ගැටුම සමනය කළ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමාජ දර්ශනය ඇසුරින් නිර්මාණය කරන ලද INVICTUS චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදු කෙරිණ. සජීවීව ජාතික වැඩසටහන හා සම්බන්ධ වෙමින් පැවති මෙම වැඩසටහන මගින් මානව ධර්මතා ප්‍රවර්ධනය කරමින් නව දැක්මක් සහිතව සංවර්ධන ප්‍රවේශයක් වෙත ශ්‍රී ලාංකික ජනතාව යොමු කිරීම අරමුණ වේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook