පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

“ පරිසරය පුජනියයි ” සමාජ සත්කාර ශ්‍රමදාන වැඩසටහන ඇරඹේ.

“ පරිසරය පුජනියයි ” සමාජ සත්කාර ශ්‍රමදාන වැඩසටහන ඇරඹේ.

“ පරිසරය පුජනියයි ” සමාජ සත්කාර ශ්‍රමදාන වැඩසටහන ඇරඹේ! ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා පෙරහැරට සමගාමිව රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන “පරිසරය පුජනියයි”ශ්‍රමදාන වැඩසටහන 18වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී ආරම්භ කෙරින. ශ්‍රී දළදා පෙරහැර සමය තුළ මහනුවර නගරයේ හා තදාසන්න ප්‍රදේශ වල පවිත්‍රතාවය ඇති කිරීම වෙනුවෙන් සෑම වර්ෂයකම දළදා පෙරහැර පැවැත්වීමට ප්‍රථමයෙන් මහනුවර නගරයේ සිට ගැටඹේ දියකපනා තොට දක්වා වූ ප්‍රදේශයන් ආවරණය කරමින් පාරිසරික සත්කාරයක් ලෙස පවිත්‍රතා සිදු කිරීම මෙහිදී සිදු කෙරෙන අතර මෙවර ද ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් , ආයතන 25කගේ දායකත්වයෙන් 500 පමණ වූ පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාතයාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් , පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ආරක්ෂක අංශයන් , රතු කුරුස සමාජය, ශ්‍රී ලංකා පොලිසිය, මහනුවර මහ නගර සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ,වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පිරිස් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook