පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මාතලේ පැරණි පොලිස් ඉඩම කැබිනට් අනුමැතියකින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත.

මාතලේ පැරණි පොලිස් ඉඩම කැබිනට් අනුමැතියකින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත.

මාතලේ පැරණි පොලිස් ඉඩම කැබිනට් අනුමැතියකින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත. මාතලේ නාගරික සංවර්ධනයට වසර ගණනාවක සිට ගැටලුවක්ව පවතින පැරණි පොලිස් ඉඩම කැබිනට් අනුමැතියකින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සඳහා වන සාකච්ජාවක් ඊයේ (07) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී 2022 අගෝස්තු මස පැවතී සාකච්ජාවේදී වගකිව යුතු සියලු පාර්ශවන් එක්ව අවබෝධතා ගිවිසුමක් සකස්කොට සති දෙකක කාලය තුල ක්‍රියාත්මක කිරීමට තීරණය කලත් එය ක්‍රියාත්මක නොවුණු අතර එය ක්‍රියාත්මක නොවීමට හේතු වශයෙන් අනාවරණය වුයේ 2020 වර්ෂයේ කැබිනට් තීරණයකින් මාතලේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම සදහා අනුමැතිය ලැබී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් වන මේ වනවිට ඒ ඒ පාර්ශව මගින් ක්‍රියාත්මක වන බවත්ය. මාතලේ රථ වාහන තද බදයට විසදුමක් ලෙස නව නගර සැලැස්මක් ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කල යුතු නමුත් මෙම ඉඩම මාතලේ පොලිසිය විසින් පවර නොදීම හේතුවෙන් සංවර්ධන කටයුතු අඩාල වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වෙමින් අදහස් ප්‍රකාශ කල අතර මෙම ඉඩම ඉක්මනින් නිදහස් කර සහය ලබා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය . වැඩි දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ 2022 අගෝස්තු සකච්ජාවේ තීරණය කල අවබෝධතා ගිවිසුම නිශේධනය කර කැබිනට් තීරණයට අනුව මාස දෙකක කාලය තුල මෙය නැවත පවරා ගැනීමට කටයුතු කල යුතු බවය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය , අමාත්‍යංශ ලේකම් වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, නාගරික කොමසාරිස්තුමා , පොලිසිය ඇතුළු රජය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook