පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම

රටේ ඉදිරිගමනට විශාල දායකත්වයක් මාධ්‍ය මගින් ලබාදෙන බවත් , මාධ්‍ය භාවිතයට නීතිරීති අවශ්‍ය වන්නේ නිවැරදි දේ සමාජගත නොකරන පිරිසක් මේ ක්ෂේත්‍රයේ සිටින නිසා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ , මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (03) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාරයේදී පැවති අවස්ථාවේදීය. මෙහිදී දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රධානව බලපාන ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සිදුකරන ලදී. මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති යටතේ ආයතන හයක් මගින් ව්‍යාපෘති 49ක් ක්‍රියාත්මක කෙරේ. පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් මාතලේ දිස්ත්‍රික්කයේ පවතින පළාත් පාලන ආයතන 13 වෙනුවෙන් නව යෝජනා 135ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවතී. රුධිරකාන්දු කරණය කිරීම වෙනුවෙන් මාතලේ විල්ගමුවේ ඉදිකරන ලද රුධිරකාන්දුකරණ ව්‍යාපෘතියේ පවතින ගැටළු හා අඩුපාඩු නිරාකරණය කරමින් කඩිනමින් ජනතාවට අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු යෙදීමේ අවශ්‍යතාවය ආණ්ඩුකාරවරයා බලධාරින්හට මෙහිදී පෙන්වා දෙන ලදී. දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශය සතු පවතින ඌන උපයෝජන වතු හදුනාගනිමින් තරුණ ව්‍යවසායකයින් දීරිගැන්වීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පසුබිම ද කඩිනමින් සකස්කිරීමට යෝජනා කෙරින. පළාත් සභා ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 1245.6 ක් ව්‍යාපෘති 774ක් වෙනුවෙන් වෙන්කර පවතී. අධ්‍යාපනය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 374ක්,සෞබ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 529ක්, කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 140ක් ,මාර්ග සංවර්ධනය වෙනුවෙන් මිලියන 171 , කර්මාන්ත අංශය වෙනුවෙන් රුපියල් මිලියන 21ක් හා ප්‍රධාන ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් මිලියන 8ක් වෙන් කොට පවතී. මෙම වෙන්කරන ලද ප්‍රතිපාදන අග්‍රිම ලැබීම අනුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. කාලීනව ව්‍යාප්තවන ඩෙංගු උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන්, පළාත් පාලන ආයතනවල ආදායම් එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් කඩිනම් කිරීම , ප්‍රවාහන කටයුතු විදිමත් කිරීම සදහා දුම්රිය ධාවනය නැවත බලාත් මක කිරිම , දඹුල්ල ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අලි වැටක් සවිකිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම , මාර්ග සංවර්ධනය , අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීමට පවතින ගැටළු සදහා විසදුම් , සිගිරිය නව නගර ව්‍යාපෘති යේ කටයුතු යන අංශයන් පිළිබදව මෙහිදී දිර්ඝව කරුණු සාකච්ජා කෙරින. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමල්සිරි ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න , පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, මාර්ග සංවර්ධනය අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක යන මහත්ම මහතමින්, දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පලාන ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook