පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ලෝක මානසික සෞඛ්‍යය දින සැමරුම් වැඩසටහනට සමගාමිව මහනුවර ජාතික රෝහලේ දී.

ලෝක මානසික සෞඛ්‍යය දින සැමරුම් වැඩසටහනට සමගාමිව මහනුවර ජාතික රෝහලේ දී.

ලෝක මානසික සෞඛ්‍යය දින සැමරුම් වැඩසටහනට සමගාමිව මහනුවර ජාතික රෝහලේ දී. ලෝක මානසික සෞඛ්‍යය දින සැමරුම් වැඩසටහනට සමගාමිව මහනුවර ජාතික රෝහල මගින් සංවිධානය කරන ලද “සුවදායි දිවි පෙවෙතකට සුවදායි මනසක්” විශේෂ වැඩසටහන 10 දින මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඉෂාරා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජාතික රෝහල් රැස්වීම ශාලාවේදී පැවැත්විණ. මෙහිදී මානසික සෞබ්‍යය පිළිබදව විශේෂ දේශනයක් ,විවාද තරගාවලියක් , වීඩියෝ දර්ශන තරගාවලියක් ,විදි නාට්‍ය සංදර්ශනයක් ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය වී පැවතුනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිටයේ සිසුන් හා මහනුවර ජාතික රෝහලේ හෙද විදුහලේ සිසුන් අතර කාලින තේමාවක් යටතේ පැවති විවාද තරගයේ ජය රෝහල් හෙද විදුහල් කණ්ඩායම සතු විය.මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරියගේ මග පෙන්වීම යටතේ මානසික සුවතා සංවර්ධන සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දනේෂ් කරුණානායක , විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන , හෙද විදුහලේ විදුහල්පති ටී.බී.අධිකාරි ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook