පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මැදරට කලා උළෙල මෙවරත්.

මැදරට කලා උළෙල මෙවරත්.

මැදරට කලා උළෙල මෙවරත්. වසර දහස් ගණනක දිගු ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාව සතු සංස්කෘතික අනන්‍යතාව සුවිශේෂ වන බවත්, වාර්ෂිකව හෝ පැවැත්වෙන කලා උළෙල ආදියෙන් එහි වටිනාකම ඔප් නැංවෙන බවත්, මෙහිලා පෙරමුණ ගන්නා කලාකරුවනට අප ණය ගැති වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ පසුගිය (23) පල්ලෙකැලේ,මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති 2023 මධ්‍යම පළාත් කලා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව සංවිධානය කළ මේ උළෙල සඳහා පළාතේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ කලා රසවින්දනයට පිරිසිදු හදවතක් මහෝපකාරී වන බවය. ජීවිතයට සතුට හා සොම්නස ලඟා කරලීමට කලාව සතු සමත්කම සම්බන්ධයෙන්ද ඔහු සිය අවධානය යොමු කර සිටියේය. ‘ගීතයේ සමාජ මෙහෙවර’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වූයේ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම්) ප්‍රකට සන්නිවේදක සමිත දුනුකේපොත මහතායි. ජීවිතය වෙනස් කරලීමට ගීත සතු හැකියාව පිළිබඳ උදාහරණ සහිතව කරුණු පැහැදිලි කළ ඔහු උසස් රසවින්දනයකින් යුතු තරුණ පරපුරක් රටේ අනාගත යහපත තකා ගොඩ නංවාලීමේ වැදගත්කමද පහදා දුන්නේය. කලා උළෙල වෙනුවෙන් සංවිධානය කළ විවෘත හා පාසල් මට්ටමේ නිර්මාණ තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමටද පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා සංස්කරණය කළ ‘පූජනීය දළඳා සංස්කෘතිය’ ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. නර්තනාංග කිහිපයකින්ම උළෙල වර්ණවත් විය. පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුද, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුද, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook