
‘කිතුල’ මෙවරත්..
‘කිතුල’ මෙවරත්..
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘කිතුල’ - කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිය ඊයේ (24) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හිදී විවෘත කෙරිණි.
මෙම කාර්යය සංවිධානය කළේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයයි.
පළාතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කාර්යයන්හි නිරත පිරිස් ගණනාවක්ම සිය නිෂ්පාදන මෙහිදී ඉදිරිපත් කොට තිබිණි. මේ අතර ආහාර ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු භාණ්ඩ හා සැරසිලි, ආභරණ ආදිය කැපී පෙනුනි.
ආහාරයට කිතුල් එක් කර ගැනීමේ වැදගත්කම පහදා දෙමින් විශේෂ දේශනයක් ඉදිරිපත් කළේ පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජේ.බී. හේරත් මහතායි.
ගමගේ මහත්මියද, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක යන මහත්වරු ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, පාරිභෝගිකයන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.