පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

වීර මොණරවිල කැප්පෙටිපොළ මහා දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාලිගාව  මහමළුවේදී.

වීර මොණරවිල කැප්පෙටිපොළ මහා දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාලිගාව මහමළුවේදී.

වීර මොණරවිල කැප්පෙටිපොළ මහා දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාලිගාව මහමළුවේදී. වර්ෂ 1817 - 1818 යන කාලවකවානුව තුළ ඌව - වෙල්ලස්ස ප්‍රදේශවලින් පැන නැගුණු අදීරද විරෝධී මහ - සටනට ( උඩරට මහ කැරැල්ලට ) නායකත්වය ලබාදී රට - දැය හා සමය වෙනුවෙන් අභීතව දිවිදුන් වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමා සැමරීම ශ්‍රී ලාංකේය අප කාගේත් පරම යුතුකමකි. එතුමාගේ 205 (1818 - 2023 ) වැනි ගුණානුස්මරණ අද එනම්, නොවැම්බර් මස 26 වැනි දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්‌මාරකය අභියස දී අද (නොවැ. 26) දින පැවැත්විණ. උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා,ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, සිව් මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, කැප්පෙටිපොළ පරම්පාරවේ ඥාතීන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් ගුරුභවතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වුහ. එදා ඉංග්‍රීසි පාලන සමයේ දී එල්ල වූ විවිධ තාඩන පීඩන හමුවේ ඊට එරෙහිව ශ්‍රී ලාංකීය ජාතිය පෙළ ගස්‌වමින් ආරම්භ වූ මෙරට ප්‍රථම නිදහස්‌ අරගලයේදී, ජාතිය වෙනුවෙන් දිවි දුන් මොණරවිල කැප්පෙටිපොළ ජාතික වීර නාමාවලියේ ඉහළින් වැජඹේ. ලොව කිනම් රටක,ජාතියක ථෙතිහාසික විකාශනය හා ක්‍රියාවලිය හැඩගැස්වීමෙහිලා ප්‍රධාන බලවේග වශයෙන් එවන් වූ විරුවන්ට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එවන්වූ විරුවෝ ඉතිහාසයේ කිසියම් යුගයක හෝ කාලපරිච්ඡේදයක ඉන්ද්‍රකීලයක් සේ මතුව අනාගතයට ආලෝකය විහිදුවමින් සාදාකල්හි වැජඹෙති. මෙම සටහනට කේන්ද්‍රගතවන චරිතයද ස්වකීය මාතෘභූමියේ එක් යුගයක වැළලී ගිය පරාධ්නත්වය යළිදු ගොඩනගනු වස් දේශමාමත්වයෙන්, ජාතිවාත්සල්‍යයෙන් හා ආගමිකමාමත්වයෙන් ක්‍රියා කොට තම ජීවිතය අභිතව පුද කළ ලොව ඉතා විරල ගණයෙහිලා සැලකෙන විරුවෙක් වන්නේ ය. ඒ අන් කවරකුටවත් නොව, 1818 නොවැම්බර් මස 26 වැනි දින මහනුවර බෝගම්බර දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අභියෝග කොට රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසා දංගෙඩිය මත තම ගෙල තබා අහිතව මරණය වැළඳ ගත් කැප්පෙටිපොළ රාජපක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායක නොහොත් "වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ " ය. කැප්පෙටිපොළ සෙනෙ විසුරු කර රුපු සෙන් මන් දැදුරු අභිරු විකුම් පෑ අයුරු නුඹට පුතේ වෙයි මියුරු --ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook