
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශිකාවන් දැනුම්වත් කරලීම වෙනුවෙන් වූ පුහුණු වැඩමුළුවක්.
මාධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව හා පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකය, ඉමාෂි ප්‍රකාශන ආයතනයේ සහය ඇතිව සංවිධානය කළ පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශිකාවන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩමුළුවක් පසුගිය 25 -26 දෙදින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ සතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශිකාවන් හා පළාත් පාලන ආයතනයන්හි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශිකාවන් දෙසීයක් පමණ සහභාගී විය.
වැඩමුළුවේ විශේෂ දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්. ප්‍රේමදාස මහතා , පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද දසනායක මහතා හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිලධාරී කිත්සිරි දිසානායක යන මහත්වරුන් විසින් පැවැත්විණ.
මෙහි සමාරම්භක අවස්ථාවන්ට පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) අරුණි පුෂ්පලතා මහත්මියද, ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර මහතා,පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාද, මූලස්ථාන ප්‍රජා සංවර්ධන නිලධාරි ධම්මික හේරත් මහතාද, ඉමාෂි ප්‍රකාශන ආයතනයේ ව්‍යාපාර කළමණාකරු සුසිල් රිදීමාලියද්ද මහතා හා බෙදාහැරීම් කළමණාකරු දිමුත් නුගවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.