පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පසුගියදා (28) එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. පසුගිය කමිටුවේදී යොමුකළ ගැටලුවල ප්‍රගතිය පිලිබදව කරුණු සාකච්ජා කිරීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පොදු ගැටළු නිරාකරණය කිරීම සදහා අත්‍යාවශ්‍ය සේවා සැපයීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් කමිටු තීරණ රැසක් ගනු ලැබිය. ඒ අනුව දැනට අතරමග නවතා ඇති මහා මාර්ගයන්හි සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම , අත්‍යාවශ්‍ය ග්‍රාමීය පාලම් නවීකරණ කටයුතු කඩිනම් කිරීම ,දේශීය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනයාගේ ප්‍රයෝජනය සදහා සියලු පහසුකම් සහිත ස්ථානයක් ආරම්භ කිරීම , පේරාදෙණිය - ගන්නෝරුව මාර්ගයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධ ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීම , මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදය සදහා විසදුම් කඩිනමින් ලබාදීම , කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය ගිනි අවි බලපත්‍ර කඩිනමින් ලබාගැනීම සදහා කටයුතු සැලසීම , දිස්ත්‍රික්කයේ කසල බැහැර කිරීම හා කළමනාකරණය සදහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම , අවධානම් සහිත ගස් ඉවත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබදව අවධානය යොමුවිය. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා පළාත් පාලන බල ප්‍රදේශ වල පොදු අවශ්‍යතා ඉටුකිරීම සදහා කඩිනමින් මැදිහත්ව කටයුතු කිරීමේ වැදගත්මත් , ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු මගින් විසදුම් ලබාගත නොහැකි යෝජනා කඩිනමින් දිස්ත්‍රික් කමිටුව වෙත යොමු කිරීම කෙරෙහි අවධානය යොමු විය. දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් හා පසුගිය මාසය තුළ සිදුව ඇති අපරාධ , අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන් ගෙන ඇති ඉදිරි කටයුතු පිළිබදව කරුණු පැහැදිලි කිරීම සිදු වූ අතර එළබෙන උත්සව සමයේ සියලු ජනතාව වඩා කල්පනාකාරීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙන ලදී. මෙම අවස්ථාව සදහා පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , මාර්ග අමාත්‍යාංශයේ ,ලේකම් මධුපානි පියසේන , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල යන මහත්ම මහත්මීන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පලාන ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook