
සහකම්පනයෙන් සුරක්ෂිත සංස්කෘතියක් උදෙසා “අනාගතය” මැයෙන් පාසල් සිසුන් හා දෙමාපියන් පාදක කොටගත් මනෝවිද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැංවේ
සහකම්පනයෙන් සුර්ක්ෂිත සංස්කෘතියක් උදෙසා “අනාගතය” මැයෙන් පාසල් සිසුන් හා දෙමාපියන් පාදක කොටගත් මනෝවිද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැංවේ
වර්තමාන සමාජය තුල දීර්ඝ කාලයක් ගොඩනැගෙමින් පවතින සමාජ,ආර්ථික, දේශපාලන හ සංස්කෘතික පැතිකඩයන්ගේ ඍණාත්මක බලපෑම් නිසා මානව සමාජයේ විවිධ ගැටළු නිර්මාණය වෙමින් පවතී . වැඩිහිටි සමාජය පමණක් නොව පාසල් ප්‍රජාව ද මෙහි ප්‍රධාන ගොදුරක් බවට පත්ව ඇත.අනාගතය භාර ගැනීමට සිටින පාසල් ප්‍රජාව දක්වන ප්‍රතිචාර කෙරෙහි අවදධානය යොමු කිරීමේදී අනාගත සමස්ත සමාජයම පිලිබිඹු වක් දක්නට ලැබේ .මෙවැනි පසුබිමක් තුල පාසල් ප්‍රජාව තුල ධනාත්මක ආකල්ප ගොඩනැගීමේ අරමුණින් සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ගටලු හදුනාගනිමින් විග්‍රහ කරමින් ඒ සදහා සහකම්පනයෙන් යුත් විසදුම් ජනිත කරවීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මනෝ විද්‍යාඥ ,අභිපේරණ පිළිබද උපදේශක,අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් මහමායා විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවැත්විණි.මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන හා ගුරු මහත්ම මහත්මීන්, පාසැල් සිසුන් 1200 ක් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වුයේ මහනුවර CLM CAMPUS ආයතනයයි.