පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

2023 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ )විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක දියණියට

2023 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ )විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක දියණියට

2023 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ )විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක දියණියට උපහාර පිදීමේ උත්සවයක් මහාමායා බාලිකාවන් විසින් පසුගියදා සංවිධානය කොට තිබිණ. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය , මහමායා දියණියන් හා ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහමායා විද්‍යාලයිය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ.දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් සමාධි අනුරාධා රණවක දියණියට හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල සාමාර්ථයන් ලබාගත් සෙසු සිසුවියන් ඇගයීම ද මෙහිදී සිදුකෙරිණ .ආදී ශිෂ්‍ය සංගමය හා මහජන බැංකුව මගින් අනුරාධා රණවක දියණියට මුල්‍ය ප්‍රධානයක් සිකරන ලදී .මෙම අවස්ථාව සදහා සමාධි අනුරාධා රණවක දියණියගේ දෙමාපියන් වන කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා හා එම මහත්මිය ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස අමරසුරිය ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ ,ඇතුළු නිලධාරින් පරිසක් සහභාගි විය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook