
“දැනුම වඩමු අනතුරු වළකමු” වන පාසල් දරුවන් සදහා දැනුම මිනුම වැඩසටහනක්.
“දැනුම වඩමු අනතුරු වළකමු” වන පාසල් දරුවන් සදහා දැනුම මිනුම වැඩසටහනක් .
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් “දැනුම වඩමු අනතුරු වලකමු” තේමාව කරගනිමින් මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මගපෙන්වීම මත මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් ටි.එම්.පි.එස්.බි.තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් මධ්‍යම පළාතේ පාසල් 26 (විසිහයක) සිසු දරුවන්1040කගෙ සහභාගිත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම මිනුම වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන වැඩ සටහන වටතුනකින් සමන්විත වූ අතර පළමු හා දෙවන වට ලිඛිත තරගයක් ලෙස ද අවසාන වටය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ලෙස ඉහත ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. තරග ජයග්‍රාහකයින් සදහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මැතිතුමාගේ සුරතින් සිදුවිය .දිස්තික් තරගයෙන් ජයග්‍රහණය කරන ලද පාසල් 8 ක සිසුදරුවන් 18 ක් සදහා කුසලතා සහතිකපත් ප්‍රධානය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ පොත් කට්ටල පිරිනැමීමද පාසල් 7ක් සදහා ඉගෙනුම් ආධාරක හා මාර්ග ආරක්ෂාව පිලිබදව පොත් කට්ටල පිරිනැමිමද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල,මධ්‍යම පළාත් නිවාස කොමසාරිස් කනිස්කා වඩුගොඩ,ප්‍රධාන පොලිස් පරීක්ෂක ,මුලස්ථාන රථවාහන උප පොලිස් පරීක්ෂක,ගුරුභවතුන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.