පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ  කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක්.

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක්.

මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක්. ආරම්භ කිරීමට නියමිත මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියට (K M T T - DP) අදාළ අන්තර්වාර බස් රථ ධාවන පාලන වැඩසටහන පිළිබඳ කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක් පසුගිය (13) පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිලා විශේෂ අවධානයක් යොමු කෙරුණේ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවකාශ සලසා දෙන අන්දම කෙරෙහිය. ගුඩ්ෂෙඩ් බස්රථ නැවතුම් පොළ හා ප්‍රධාන තැපැල් කාර්යාලය ආශ්‍රිත බස් රථ ගාල් කිරීම වෙනුවට විකල්ප ස්ථාන හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදී. බෝගම්බර බන්ධනාගාර භූමිය, ළය රෝහල ඉදිරිපිට, බාලදක්ෂ මධ්‍යස්ථානය අසල හා පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට භුමිය මෙම විකල්ප ස්ථාන ලෙස හඳුනා ගැනිණි. සාකච්ඡාවට එක්වෙමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කිරීම මේ මොහොතේදී අතිශය වැදගත් බවත්, කඩිනමින් මෙහි කාර්යයන් නිමා කිරීමට අවශ්‍ය පසුබිම අප විසින් සකස් කර දිය යුතු වන බවත්ය. මේ අවස්ථාවට පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාද එක්ව සිටියේය. පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක යන මහත්ම මහත්මීන් සමඟ මහනුවර පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook