
2024 අයවැය පිළිබදව වූ විශේෂ දිස්ත්‍රික් වැඩසටහන පල්ලෙකැලේ.
2024 අයවැය පිළිබදව වූ විශේෂ දිස්ත්‍රික් වැඩසටහන පල්ලෙකැලේ
2024 අයවැය පිළිබදව වූ විශේෂ දිස්ත්‍රික් වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා (11) මහනුවර පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
SMART BUDGET 2024 මැයෙන් සංවිධානය කොට පැවති මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා , ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය , ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු )කිර්ති තෙන්නකෝන් , ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී.ඩි.වික්‍රමරත්න , ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි,එරන්ද, වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල යන මහත්වරුන් විසින් 2024 අයවැයේ පදනම හා ක්‍රියාකාරිත්වය හා එහි බලපෑම පිළිබදවත් , රට ආර්ටික වශයෙන් ගෙනයන දිශානතිය පළාත් නාමයම අදාලකර ගනිමින් ජනතාව වෙනුවෙන් සාධනීය කර ගැනීම වෙනුවෙන් විශේෂ දේශන හා පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ , හිටපු පළාත් පාලන ආයතන සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ,නියෝජය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් , බහුජන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.