
මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් ලංකාවේ එකේ සිට හතර වන ස්ථානය දක්වා පහළට.
මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් ලංකාවේ එකේ සිට හතර වන ස්ථානය දක්වා පහළට.
වාර්තා එවනවා වෙනුවට වඩා ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ කාලීන වැඩසටහන් මගින් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට ප්‍රාදේශීය කමිටු ශක්තිමත් කිරීම අවශ්‍යයි. නමුත් කමිටු රැස්වුණාට තීන්දු ගත්තට වැඩක් නෑ. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස පැවසූයේ මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව (18) ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.
ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් ලංකාවේ එකේ සිට හතර වන ස්ථානය දක්වා පැමිණීමට මහනුවර දිස්ත්‍රික්කයට හැකි වී ඇති බව වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත මාසආරච්චි මහතා පෙන්වා දෙන ලදී. ඩෙංගු රෝගය මර්ධනය සඳහා විවිධ වැඩසටහන් දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර පසුගියදා ජාතික ඩෙංගු නිවාරණ තෙදින වැඩසටහනේ දී වැඩි දායකත්වයක් ප්‍රාදේශීයව ලැබී ඇති බවද ඒ මහතා පැවසීය. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා රාජ්‍ය ආයතනවල දායකත්වය වැඩියෙන් ලබාදිය යුතු බව දන්වා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සෑම සිකුරාදා දිනකම විනාඩි තිහක කාලයක් ඩෙංගු මර්දනය සඳහා යෙදවීමට නියෝග කර ඇති බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව ජනතාව දැනුවත් කිරීම හා රෝගය මර්දනය කිරීම සඳහා පොදු වැඩසටහන් ක්‍රියාවට නැගීම නිරන්තරයෙන් සිදුකළ යුතු බවද විශේෂයෙන්ම පාසල් නිවාඩු කාලය තුළ රෝග ව්‍යාප්තිය පාලනයට නිසි වැඩපිළිවෙලක් යෙදීම අවශ්‍යයම බවද මෙහිදී පෙන්වා දෙන ලද අතර රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන , පාසල් හා පොදු ස්ථාන වල විශේෂ වැඩසටහන් දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දෙන ලදී.
මහනුවර නාගරික බල ප්‍රදේශයේ පැවති අවදානම් තත්ත්වය යම් මට්ටමකට අඩු වුවද එය තවදුරටත් අවම කර ගැනීමට සියලු ම දෙනාගේ දායකත්වය හා කැපවීම අවශ්‍ය බව ද දන්වන ලදී. එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල රෝග මර්දනය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අත්දැකීම් හුවමාරුව ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.