මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලේ හා ශිෂ්‍ය අභිවෘද්ධිය උදෙසා සිදු කරගෙන යනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු කරන ලදි.එමෙන්ම විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදි වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් අතාවුද, ලේකම් දිනේන්ද්‍ර සේනාධිර, භාණ්ඩාගාරික භාතිය මංචනායක යන මහත්වරුන් එක් වූහ.