පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (06) දින පැවැත්විණි.මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්නෙ දළදා දැක්ම වසර දහසයකට පසු පැවත්වෙන අතර එය අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අප්‍රේල් 18 වැනි දින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වාත් , ඉන්පසු අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින 10ක් පැවැත්වේ. මෙහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ විස්සකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන බව පැවසීය.දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුලු ආයතන රැසක් එක්ව කටයුතු සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසුවේය.පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුල් කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන් මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවත් එම දින කිහිපය තුළදී මහනුවර කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවැසීය.මෙම සාකච්ඡාවේදී විශේෂ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැමිණෙන බැතිමතුන් සඳහා පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සැල් පැවැත්වීම, දුම්රිය ඇතුලු ප්‍රවාහනය ඇතුලු පහසුකම්, ආරක්ෂාව, මහනුවර නගරය අලංකරණය කිරීම, රථ වාහන නියාමනය කිරිම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙක් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථා සඳහා බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරත්න හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook