පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ජාත්‍යන්තර පරිසර දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් පරිසර දින සැමරුම් වැඩසටහන උඩරට දුම්රිය ස්ථාන මුල් කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ජාත්‍යන්තර පරිසර දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් පරිසර දින සැමරුම් වැඩසටහන උඩරට දුම්රිය ස්ථාන මුල් කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ජාත්‍යන්තර පරිසර දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් පරිසර දින සැමරුම් වැඩසටහන උඩරට දුම්රිය ස්ථාන මුල් කරගනිමින් ක්‍රියාත්මක කෙරේ. ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පවත්වන ලද මධ්‍යම පළාත් පරිසර දින සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී (5) පැවැත්විණ. දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් දුම්රිය ස්ථාන සකස් කිරීමත්, කසල කළමනාකරණය විධිමත් කරමින් ප්‍රියමනාප ස්ථානයක් බවට දුම්රිය ස්ථාන පත්කිරීමේ අරමුණුව ඇතිව මෙම වැඩසටහන දියත් කෙරින. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන “ පරිසර හිතැති දුම්රිය ස්ථානයක් ”යන සංකල්පය යටතේ උඩරට මාර්ගයේ පිහිටි සියළු දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමට මේ යටතේ සැලසුම් කොට ඇති අතර එහි පළමු අදියර ලෙස දුම්රිය ස්ථාන විස්සක් වෙත කසළ බඳුන් ලබාදීම මෙදින සිදු කරනු ලැබිය. එසේම ප්ස්ටික් බෝතල් බහාලුම් දුම්රිය ස්ථාන පහක් වෙත ලබාදීම ද සිදු කරන ලදී. එසේම පැරණි දුම්රිය ස්ථානයන් නවීකරණය හා වර්ණවත් කිරීම වෙනුවෙන් තීන්ත ලබාදීම හා දැන්වීම් පුවරු බෙදාදීම ද මෙහිදී සිදු විය. කෘෂිකර්ම අමාත්‍යංශයේ පරිසරය අංශය මගින් නිර්මාණය කරන ලද “මැද රට සොබා” සඟරාව එළිදැක්වීමද සිදුකරන ලද අතර, මෙම වැඩසටහනට සමගාමීව මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව හරිත පාරිසරික ඡායාරූප ප්‍රදර්ශනයක් ද සංවිධානය කොට පැවතුණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්දව මෙය සංවිධානය කොට පැවතුණි. මෙම පරිසර දින වැඩසටහනට සමගාමීව ගම්පොල කහටපිටිය දුම්රිය උපපොල පරිසර හිතකාමී ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම , “හරිත දඹුල්ල” සංකල්පය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය,දඹුල්ල මහා නගරසභාව ඒකාබද්ධව දඹුල්ල නගරයේ ඔරලෝසු කනුව අසල සිට මිරිස් ගෝනිය හන්දිය දක්වා කරද ශාක 65 සිටුවීම ද මෙදින පරිසර දිනයට සමගාමීව සිදු කරන ලදී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසුරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සී.කේ.ඉලංගකෝන් , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මුදිත ප්‍රසන්නජිත් පෙරේරා , කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) චමින්ද අබේරත්න යන මහත්ම මහත්මීන් , දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook