මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව සිදුවන බඹර ප්‍රහාරයන් වැළැක්වීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව සිදුවන බඹර ප්‍රහාරයන් වැළැක්වීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (11) පැවැත්විණි.මෙහිදි තේ වතු ආශ්‍රිතව නිරන්තරයෙන් සිදුවන බඹර ප්‍රහාරයන් තිරසාරව වැළැක්වීම සඳහා කෙටි හා දිගු කාලීන ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, සහකාර ලේකම් ඒ්.එම්.සී.එම්.අලහකෝන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි කළමනාකරණ අධීක්ෂණ අධ්‍යක්ෂ, මහනුවර දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්, රාජ්‍ය වැවිලි සංස්ථාවේ සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජනය කරමින් පැමිණි කළමණාකරුවන්, වතු වෘත්තිය සංගම් නියෝජිතයින්, බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සහ Bee Pera සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.
