පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ව්‍යාප්තියට අවධානය

මහනුවර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ව්‍යාප්තියට අවධානය

මහනුවර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ව්‍යාප්තියට අවධානය මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (13) දින පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික්කයේ දැනට වගා නොකරන තෝරාගත් රජයේ ඉඩම් ආශ්‍රිතව අළුතින් කුරුඳු වගාව හඳුන්වාදීම සහ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.කුරුඳු වගාව සඳහා සුදුසු ඉඩම් හා භූමි තෝරා ගැනීම, වගාකරුවන්, අයෝජකයින් හඳුනා ගැනීම, වගා ප්‍රවර්ධනය, වගා කළ යුතු කුරුඳු ප්‍රභේද තෝරා ගැනීම ඇතුළු කරුණු පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම හා ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණි.මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දොපර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතනවල දායකත්වය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.මෙම අවස්ථාව සඳහා පළාත් ආණ්ඩුකාර ලේකම් ‍මංජුලා මඩහාපොල, සහකාර ලේකම් චාමර අලහකෝන්, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී. පතිරණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය ඩී.කේ.එන්.ජී. පුෂ්පකුමාර, කෘෂිකර්ම ජෛව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ පී.ඩී.ජි. බණ්ඩාරනායක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය සුරංග ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්, ජාතික විද්වත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook