පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර රාත්‍රී වෙළඳ පොළ ප්‍රගතිය සාකච්ඡාවට

මහනුවර රාත්‍රී වෙළඳ පොළ ප්‍රගතිය සාකච්ඡාවට

මහනුවර රාත්‍රී වෙළඳ පොළ ප්‍රගතිය සාකච්ඡාවට මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) විසින් සංවිධානය කරන ලද සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (19) දින පැවැත්විණි. මෙම වැඩසටහනට අදාළ පළමු වැඩසටහන ඉකුත් සෙනසුරාදා (16) දින පැවති එම වැඩසටහන සම්බන්ධයෙන් සහ ඉදිරි පැවැත්වීමට නියමිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින්, ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ රාත්‍රී වෙළඳ පොල පළමු අදියර සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලද සියළු පාර්ශවයන් වෙත ස්තූතිය පළ කළේය.මෙම රාත්‍රී වෙළඳපල සඳහා දේශීය මෙන්ම විදේශීය සාචාරකයින්ගේ ද ආකර්ශණය හිමි වූ බවත්, මේ සඳහා ඉදිරිපත් වූ කර්මාන්ත හා ව්‍යවසායකයින් තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා හොඳ වෙළඳපල අවස්ථාවක් නිර්මාණය වූ බව ද පැවසීය.මෙම සාකච්චාවේදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි නගරයේ මාර්ග තදබදය අවම කිරීම, ප්‍රවාහණ සේවා නිසි ලෙස පවත්වාගෙන යාම, වෙළඳ කුටි ප්‍රමාණය වැඩි කිරීම, අලෙවි අවස්ථා පුළුල් කිරීම, පහසුකම් පුළුල් කිරීම, ප්‍රචාරණය, සංවිධානය කටයුතු සඳහා අනු කමිටු පත්කිරීම, අදහස් සහ යෝජනා ලබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි අගොස්තු මස 23 ,30 සහ සැප්තැම්බර් 06 යන දිනවල රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.මධ්‍යම පළාත් සභාව, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, ප්‍රවාහන අංශ ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් ‍මංජුලා මඩහාපොල, සහකාර ලේකම් චාමර අලහකෝන්, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ජාතික විද්වත් සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook