පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ලේකම් වරයෙක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ලේකම් වරයෙක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ලේකම් වරයෙක්. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලේකම්වරයා ලෙස කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා පත්කිරීමට අදාළ ලිපිය ලබා දීම මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතින් (01) වන දින ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස අවසන් වරට කටයුතු කළේය. මොරවැව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා මහතා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශ කිහිපයකම අමාත්‍යාංශ ලේකම් ලෙස ද මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ලෙසද මහනුවර හා නුවරඑළිය මහ නගර සභාවල නාගරික කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook