පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුම

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුම

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා විශ්‍රාමික සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංගමය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා වෙත පොපි මලක් පැළඳවීම මහනුවර පිහිටි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (10) දින සිදු කෙරිණි.පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් මෙම පොපි මල් සැමරුම ආරම්භ වී ඇති අතර එය නොවැම්බර් මස 09 සිට 16 දින දක්වා මෙවර පැවැත්වේ.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශ්‍රාමික සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශ්‍රාමික ලුතිනන් එච්.එම්.එච්. නවරත්න, ලේකම් වයි.යූ. රංජිත්, භාණ්ඩාගාරික එම්.ඒ. ආනන්ද යන මහත්වරුන් ඇතුලු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook