පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර  කැළි කසළ බැහැර කරන තේක්කවත්ත කසළ අංගණය දස වසරකින් හරිත කලාපයක් බවට පත් කිරීමට සැලසුම්.

මහනුවර කැළි කසළ බැහැර කරන තේක්කවත්ත කසළ අංගණය දස වසරකින් හරිත කලාපයක් බවට පත් කිරීමට සැලසුම්.

මහනුවර කැළි කසළ බැහැර කරන තේක්කවත්ත කසළ අංගණය දස වසරකින් හරිත කලාපයක් බවට පත් කිරීමට සැලසුම්. කොළඹ මීතොටමුල්ල කුණු කන්දට පමණක් දෙවැනි වන තේක්කවත්ත කසළ අංගණය හරිත පරිසරයක් බවට පත් කිරීමට මහනුවර මහ නගර සභාව සැලසුම් කොට ඇත.මෙම අංගනයේ දිනපතා ක්‍රියාකාරිත්වය, ධාරිතාවය හා වපරියෙන් දෙවන වන්නේ මීතොටමුල්ලට පමණක් බවත් , තේක්කවත්ත කසළ අංගනය ස්ථාවර කොට පරිසර හිතකාමී කලාපයක් බවට පත් කිරීමේ දෙවැනි අදියර 2024 සිට ක්‍රියාත්මක කිරීමට මහනුවර මහ නගර සභාව මේ වන විට සැලසුම් කොට තිබේ. ඒ අනුව මෙම අංගණයට බැහැර කරන කසල කළමණාකරණය කර ගනිමින් 2024 සිට 2034 දස වසරක කාලය තුළ හරිත කලාපයක් බවට පත් කිරීමට ද නියමිතය.එම කසල අංගණයේ ඉකුත් දස වසරක කාලය තුළ රුපියල් කෝටි 09ක වියදමින් සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති හා දැනට සිදුවන සංවර්ධන වැඩසටහන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් නිරීක්ෂණය කිරීම හා ජගත් පරිසර දිනයට සමගාමිව සංවිධානය කර පැවති රුක්රෝපානය කිරීමේ වැඩසටහනකට පසුගියදා (05) එක්විය. මෙම කසල අංගනය සදහා මහනුවර නගරයෙන් මෙට්‍රික් ටොන් 80ක් හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ටොන් 30ක් වශයෙන් දෛනිකව කැළිකසල ටොන් 110ක් පමණ මෙම දිනපතා බැහැර කෙරේ.ඒ අනුව දැනට වර්ග කරන ලද කැළි කසල මගින් කොමේපෝස්ට් පොහොර නිපදවීම, ගව පාලනය හා ජීව වායු නිෂ්පාදනය සහ කුණු කන්ද ස්ථාවර කිරීම මේ වන විට සිදුකොට ඇත.මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook