
හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.
හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී .
හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) පැවැත්විය. එහිදී එම ගැටලුවට අමතරව, දීර්ඝ කාලීන බදු e-Slim දත්ත පද්ධතිය ඔස්සේ සකස් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වු අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ඉඩම් කොමසාරිස් පුබුදු ප්‍රේමදාස (මාර්ගගත තාක්ෂණයෙන්) , පළාත් ඉඩම් කෙමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ද එක් විය.