තෙල්දෙණිය බස් නැවතුම්පොළ පාලනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව එක්වී පැහැදිලි තීන්දුවක් ගත යුතු බවත් , එහිදී පළාත් පාලන පනතේ විධි විධාන සහ මගී ප්‍රවාහන සේවා ප්‍රඥප්ති ප්‍රකාරව කටයුතු කිරීම වඩාත් උචිත වන්නේ යැයි මධ්යම් පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
අද පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවතී විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවේ දුම්බර නිම්නයෙන් මහනුවර අගනගරයට ප්‍රවේශ වන දොරටුව බදුවූ තෙල්දෙණිය නගරයේ ඉදි කිරීම් සහ සංවර්ධනය මිට වඩා විධිමත් විය යුතු බව ය.
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කල කරල්ලියද්ද නව නගරය අද තෙල්දෙණිය බවට පත්ව ඇති අතර , එහි බස් නැවතුම් පොළ සහ කුඩා මොටර් රථ ගාල් කිරීමේ නැවතුම් පොළ ආශ්‍රිතව පරිපාලනික වශයෙන් පවතින ගැටලු පිලිබදව අදාල ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව තීරණය කිරීම සුදුසු බව පෙන්වා දෙනු ලැබිය.
මෙම අවස්ථාවට මැද දුම්බර ප්‍රාදේශීය සභා සභාපති අශෝක සමරකෝන්.ඇතුළු ජනතා නියෝජිතයන් , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන , සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය