මාතලේ කලාපය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලයේ දී පසුගියදා (21) පැවැත්විණි.
මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එන්. නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය හා මාධ්‍ය විෂය සම්බන්ධීකාරක සහකාර අධ්‍යාපන පී. ප්‍රකාශ් මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට මාතලේ කලාපය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, පාක්‍යම් ජාතික පාසල , දන්කන්ද මහා විද්‍යාලය, ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, ශාන්ත තෝමස් විද්‍යාලය හා ක්‍රිස්ට් චර්ච් විද්‍යාලය නියෝජනය කරමින් මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන්,සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නාලන්දාවට තවත් ජයග්‍රහණයක්
සමස්ත ලංකා නර්තන තරගාවලිය 2025 සමගාමීව පැවැත්වූ පළාත් නර්තන තරගාවලියේ
නිර්මාණ/ මිශ්‍ර/ කුරුදු කර්මාන්තය- ප්‍රථම ස්ථානය
පහතරට/ සමූහ / ඉලංගම් සරඹ- ප්‍රථම ස්ථානය,සහ
පහතරට / ඒකල /පිරිමි/ සූනියමේ නානුමුරය- ප්‍රථම ස්ථානය
ලබා ගනිමින් තරග අංශ තුනෙහිම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට මාතලේ නාඋල නාලන්ද මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් විය.
වාර්තා කළේ - ඊ.ඒම්.ටී.ජී.එන්.තෙන්නකෝන් , නාඋල නාලන්ද මහා විද්‍යාලය
මැණික් විදු බිම සැරසු තවත් මිණි කැටයක්
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාණගනයේ පැවති 2025 ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ දී18න් පහළ මීටර් 500 ඇවිදීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගනිමින් දෙවන ස්ථානය ලබා ගැනීමට මැණික්දිවෙල විද්‍යාලයේ ඉමාශී කුමාරි සිසුවිය සමත්විය.
හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට
හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට පත්කිරීම හා TechNova 2025 තාක්ෂණික ප්‍රදර්ශනය විවෘත කිරීම පසුගිය දා (13) අධ්‍යාපන අමාත්‍යාංශයේ ඩිජිටල් තාක්ෂණ සම්බන්ධ හිටපු අතිරේක ලේකම් K.P. මුණගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මෙම අවස්ථාවට විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් D.A. චන්ද්‍රසිරි මැතිතුමා, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ හංසි කුලරත්න මහත්මිය, හඟුරන්කෙත කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ(තාක්ෂණ) G.A.B.W. ගල්ලල මහත්මිය හා විද්‍යාලයේ විදුහල්පති K.G. කුලතුංග මහතා හා ගුරු භවතුන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.
වලපනේ ඵූස්සදේව විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ ශිල භාවනාමය වැඩසටහන, ධර්මදේශනය හා දන් පිළිගැන්වීම පසුගියදා(09) විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී පැවැත්විණ.වත්තේගෙදර සුචින්තා මෑණියන් මෙහිදී ධර්මදේශනය පැවැත්වූ අතර මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති පී.සී. ලියනාරච්චි මහතා, ගුරු මහත්ම මහත්මීන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
