පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

දේශීය කුළුබඩුවලට වටිනාකමක් ලබාදීමේ නව වැඩසටහනක් මහනුවර දී

දේශීය කුළුබඩුවලට වටිනාකමක් ලබාදීමේ නව වැඩසටහනක් මහනුවර දී රටේ ජනතාව තුළ වයස් භේදයකින් තොරව සීග්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග රැසකට පිළියම් ලෙස දේශීය කුළුබඩු භාවිතය වැඩි වටිනාකමක් ගනී. අතීතයේ සිට පැවත එන දේශීය කුළුබඩු භාවිතයට නව වටිනාකමක් එක් කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ නව වැඩසටහනක් පසුගියදා මහනුවරදී සංවිධානයකොට පැවතුනි. දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද spicy gallery 2024 (ස්පයිසී ගැලරී) වෙළෙද ප්‍රදර්ශනය පසුගියදා මහනුවර KCC හිදි පැවැත්විණ. මධ්‍යම පළාත තුළ සිටින කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් සංවිධානය වූ මෙහිදී කුළුබඩු , කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන , නව නිෂ්පාදන හා විදේශීය වෙළදපොල ඉලක්කව සිදුකරනු ලබන නිෂ්පාදනයන් ප්‍රදර්ශනය සදහා එක්කොට පැවතුනි. කාලිනව ජනයා අතර ඉහළයන බෝනොවන රෝග රැසකට පිළියම් ලෙස දේශීය කුළුබඩු භාවිතය වැදගත් වන අතර ඒ සදහා උනන්දුවක් ජනතාව අතර ඇති කිරීමත් , ඔවුන්හට පහසුවෙන් නව නිෂ්පානයන් ලබාගැනීමට අවස්ථා ඇති කිරීමත් වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරින. එසේම කුළුබඩු කර්මාන්තය මධ්‍යම පළාත තුළ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායකයින් දිරිගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළඳපොළ අවස්ථා ඇති කිරීමටත් මෙමගින් අපේක්ෂිතය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මහනුවර අතිරේක දිසාපති නිලුකා බුලත්ගේ , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර , කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

‘ස්වරංජනා 2024 සංගීත ප්‍රසංගය’

‘ස්වරංජනා 2024 සංගීත ප්‍රසංගය’ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් සිසුන්ගේ සංගීත කුසලතා ඔප් නැංවීම සඳහා පවත්වන ‘ස්වරංජනා 2024 සංගීත ප්‍රසංගය’ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් (30) පැවැත්විණි. ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ වාද්‍ය වෘන්දය සංගීතමත් කළ මෙම ප්‍රසංගයේ ගායනය ඉරිපත්ව කිරීමද විද්‍යාලයේ සිසු දරුවන් හා ආරාධිත පාසල් සිසුන්ගේ සහභාගීවය ඇතිව සිදුකරන ලදී.මෙම ප්‍රසංගයේදි ආරාධිත ගායක ශිල්පීන් ලෙස සනුක වික්‍රමසිංහ සහ සූනීර සුමංග සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ‍ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ‍ප්‍රභාත් මද්දුමආරච්චි, විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්. රණසිංහ යන මහතා ඇතුළු ගුරු භවතුන්, ආදි සිසුන්, සිසු දරුවන් හා දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

-මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක්-

-මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක්- මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව පත්වීම් කිහිපයක් පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර පිහිටි ආණ්ඩුකාර කර්යාලයේ දී සිදු කෙරිණි.ඒ අනුව එස්.ඒ.එම්.එස්.කරුණාරත්න මහත්මිය සහ ඩි.ජී.එස්. වික්‍රමරත්න මහතා නව අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අබයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමන ලදී.

ලොව දකින්නට සුදු සැරයටි ඇස් දළදා මාලිගාවෙන්

ලොව දකින්නට සුදු සැරයටි ඇස් දළදා මාලිගාවෙන් ජාත්‍යන්තර සුදුසැරයැටි දිනය නිමිත්තෙන් දෘෂ්‍යාබාධිත ජනතාව සඳහා සුදු සැරයටි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පල්ලේකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ, ශ්‍රවනාගාරයේදි පැවැත්විණි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම වැඩසටහනේදී සුදු සැරයටි 750 ක් පිරිනැමීම සිදු කෙරිණි.ශ්‍රී දළදා මාලිගා විසින් ‍ ආගමික, සංස්කෘතික, සමාජිය හා ප්‍රජා සත්කාර්ය සඳහා ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් මෙම අවස්ථවේදී පැවසීය.මෙම වැඩසටහන සඳහා සහභාගී වූ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය අහාර පාන අදියෙන් සංග්‍රහ කිරීමට ද ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් කටයුතු යොදා තිබිණි.මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ මණ්ඩපාධිපති ආචාර්ය උපාලි සේදර, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම් රෝහණ කීර්තී දිසානායක, මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති නිලන්ති සමරවීර මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔනිකාට පදක්කම් ද්විත්වයක්

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔනිකාට පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද 20 වන සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රනාන්දු පදක්කම් ද්විත්වයක් හිමිකර ගැනීමට සමත්විය. මෙහිදී තරග ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් , මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද 20 වන සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රනාන්දු පදක්කම් ද්විත්වයක් හිමිකර ගැනීමට සමත්විය. මෙහිදී තරග ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් , මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook