පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ.

අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ. අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයමින් ඔවුනට සහතික පත් පිරිනැමීමේ වැඩසටනක් ‘අභිමාන’ මැයෙන් අලවතුගොඩ ‘ගෝල්ඩන් ඒ නයින්’ හෝටල ශාලාවේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය සිය කාර්ය මණ්ඩලයේ සහය ඇතිව අමානා බැංකුවේ අනුග්‍රහය ද සහිත ව සංවිධානය කළ මේ වැඩසටහනේ දී කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ තුන යටතේ පළමු හා දෙවන ස්ථාන හිමි කරගත් ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙත සම්මාන ද පිරිනැමිණ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මෙසේ ව්‍යවසායකයන් ඇගැයීම හා ඔවුනට අනුග්‍රහ දැක්වීම මේ අවදියේ අතිශය වැදගත් මෙහෙවරක් වන බව යි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සිදුවූ සමයේ දී තමා හා පළාත් සභාව පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය ඉහළ නැංවීම උදෙසා මහත් වෙහෙසක් දැරූ බව ඔහු සිහිපත් කළේ ය. 2020 වර්ෂයේ දී එය පළාත් සභාව විසින් සංවිධානය කරන ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එක් කළ ප්‍රදර්ශනය (ඉනෙක්ස්) වෙතින් ලද සාර්ථකත්වය ඔහු අවධාරණය කළේ ව්‍යවසායකයන් සේම පාරිභෝගිකයන් ද රැක ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි. එය ව්‍යවසායකයන්ගේ ජාතික වගකීමක් බව ද අනතුරුව ඔහු කියා සිටියේ ය. මෙම වැඩසටහනට ගමගේ මහත්මිය හා ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීහු ද, මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලයේ නිලධාරීහු ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ වැඩසටහනේ අනුග්‍රාහක පාර්ශ්වය ද එක්ව සිටියහ.

බුද්ධ රශ්මි - ජාත්‍යන්තර වෙසක් දින සඟරාව 2023’ එළි දැක්වේ.

බුද්ධ රශ්මි - ජාත්‍යන්තර වෙසක් දින සඟරාව 2023’ එළි දැක්වේ මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාවේ 2023 කලාපය පසුගිය දා මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එළි දැක්විණ. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ය. ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද හා පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මහජන පුස්තකාල ගණනාවක පුස්තකාලයාධිපතිනියන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. එසේම මහනුවර බෞද්ධ සංවිධාන හා සාහිත්‍ය සංවිධාන කිහිපයක ම නියෝජිත පිරිස් ද පැමිණ සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා පෙන්වා දුන්නේ බාල පරපුරට දේශයේ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ඉහළ අවබෝධයක් ලබා දීම අතිශයින්ම වැදගත් වන බව යි. මේ සඳහා මෙවැනි ශාස්ත්‍රීය ප්‍රකාශන ඉටු කරන මෙහෙය ඔහුගේ ඇගැයීමට ලක් විය. පළාත් පුස්තකාල සේවා මණ්ඩලය හරහා මෙය පාසල් දරුවන් අතට පත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ ය. මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විමලසේන කළුගමගේ මහතා ද අදහස් දැක්වී ය. ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාව මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ සත් වැනි වරට යි. බෞද්ධ දර්ශනයේ එන සුවිශේෂ, සර්වකාලීන හා කාලෝචිත කරුණු කාරණා අරභයා මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් පිරිසක් විසින් සිංහල හා ඉංග්‍රීසි යන දෙබසින් ම විරචිත සාරගර්භ හා විචක්ෂණශීලී ලිපි ගණනාවකින් ම මෙවර සඟරාව ද සමන්විත ය. මේ නොමිලයේ බෙදා හරින සඟරාවකි.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් මහනුවර දී චිත්‍ර තරඟාවලියක්.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් මහනුවර දී චිත්‍ර තරඟාවලියක්. ජගත් පරිසර දින සැමරුමට සමගාමිව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රදර්ශන චිත්‍ර තරගාවලිය මහනුවර වැවරවුම පරිශ්‍රයේදී 05 දින පවත්වන ලදී. මෙහිදී පරිසරයේ වැදගත්කම සම්බන්ධයෙන් චිත්‍ර නිර්මාණය කිරීම සදහා දරුවන්හට නිදහස් පරිසරයක් තුළ අවස්ථාව උදාකර දී පැවති අතර පෙන්ටියම් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් මහනුවර කලාපයේ පාසල් දරු දැරියන් 150කගේ සහභාගීත්වයෙන් මෙම චිත්‍ර තරඟාවලිය ක්‍රියාත්මක විය. 6 -7 සහ 8-9 යන ශ්‍රේණි කාණ්ඩ දෙකක් යටතේ පැවැති මෙම තරඟයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ජයග්‍රාහකයින් 20 දෙනෙකු සදහා සහතික පත් හා ත්‍යාග ප්‍රදානය කිරීම සහ මෙම තරඟය වෙනුවෙන් සහභාගීවූ සියලු දරු දැරියන් වෙත සහතිකපත් ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී සිදු කෙරින. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , සභා ලේකම් සි.කේ.ඉලංගකෝන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

“දහම් ප්‍රදීප’පොසොන් බැති ගී සරණිය පල්ලෙකැලේ දී.

“දහම් ප්‍රදීප’පොසොන් බැති ගී සරණිය පල්ලෙකැලේ දී. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය,පළාත් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය ‘දහම් ප්‍රදීප’ පසුගියදා (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණ. මෙහිදි පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පවතින රාජ්‍ය ආයතන දහයක සේවයේ නියුක්ත නිලධාරින් විසින් බැගී ගී ඉදිරිපත් කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආයතන ප්‍රධානින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ. “දහම් ප්‍රදීප’පොසොන් බැති ගී සරණිය පල්ලෙකැලේ දී. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය,පළාත් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය ‘දහම් ප්‍රදීප’ පසුගියදා (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණ. මෙහිදි පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පවතින රාජ්‍ය ආයතන දහයක සේවයේ නියුක්ත නිලධාරින් විසින් බැගී ගී ඉදිරිපත් කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආයතන ප්‍රධානින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සෙංකඩගල වෙසක් නිර්මාණ තරගාවලියේ ජයසංකේත ප්‍රදානය.

සෙංකඩගල වෙසක් නිර්මාණ තරගාවලියේ ජයසංකේත ප්‍රදානය. 2023 වර්ෂයේ සෙංකඩගල වෙසක් කලාපයට සමගාමිව පාසල් හා රාජ්‍ය අංශය වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරන ලද ඩිජිටල් වෙසක් නිර්මාණ තරගාවලියේ සහතික හා ජය සංකේත පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා (02) පැවැත්විණ. නැණ ගුණ පිරි හැකියාවන්ගෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් අංශ තුනක් යටතේ පැවති තරගාවලියේ පාසල් හා රාජ්‍ය යන අංශයන් ගෙන් ජයග්‍රහණයන් හිමිකරගත් ජයග්‍රාහකයින් හට සහතික හා ජය සංකේත පිරිනැමීම සිදු කරන ලද අතර , ජායාරූප තරග අංශයෙන් ප්‍රථම ස්ථානය (පාසල්) ඊ. ජි. එම්. තරිදු ධනංජය වීරසිංහ, (11 ශ්‍රේණිය) මහනුවර ආදර්ශ විද්‍යාලය (තේමාව - බෞද්ධ ආගමික ස්ථාන හා ප්‍රතිපදාවන් ), ඩිජිටල් සුභ පැතුම්පත් අංශයේ ප්‍රථම ස්ථානය(පාසල්) ධම්සිණි ඇමෙන්ඩා සේනාධි ගුණවර්ධන , (10 ශ්‍රේණිය) හිල්වුඩ් බාලිකා විද්‍යාලය (තේමාව - යහගුණ පිරි සමාජයකට බෞද්ධ ආභාෂයන්), කෙටි චිත්‍රපට තරග අංශයේ ප්‍රථම ස්ථානය (පාසැල්) ගුරුදෙණිය මහා විද්‍යාලය , සුභාෂ හසරංග ජයරත්න (තේමාව - සම්බුදු තෙමගුළ) විසින් හිමිකර ගන්නා ලද අතර , ඩිජිටල් සුභ පැතුම්පත් රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ (මහනුවර) ජේ. කේ. එන්. සි. ජයසිංහ , (සංවර්ධන නිලධාරී) විසින් හිමිකර ගන්නා ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානින් හා නිලධාරින් රැසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook