පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

training workshop to educate the environmental officers

පරිසර නීති පිළිබඳව මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන් හී පරිසර නිලධාරින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්

පරිසර නීති පිළිබඳව මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන් හී පරිසර නිලධාරින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් අද දින(25) නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පැවති මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නීති) නීතිඥ ලක්ෂ්මිණි මිහිදුකුලසූරිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරි මංජුලා අබේසිංහ, ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරි මනූජා අදිකාරම් යන මහත්මීන් විසින් ලබාදුන් අතර මෙම අවස්ථාව සදහා පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත් මහතා සහභාගි විය.

ඩෙංගු උවදුර, කසල කලමණාකාරණය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන (23) දින පැවැත්විණ

ඩෙංගු උවදුර, කසල කලමණාකාරණය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන (23) දින පැවැත්විණ.

- වත්තේගම නගර සභාව -

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් 2022-11-23 දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) ජේ. ඒ. ඩබ්. එන්. ජයසුරිය මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

රටේ අධ්‍යාපනය ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තීයක් අවශ්‍යයි

රටේ අධ්‍යාපනය ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තීයක් අවශ්‍යයි. එය කාලෝචිත වූවක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මූලික ඉලක්ක ය දරුවන් විය යුතුයි. ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ගුණාත්මකව ඉහළ දැමීම සිදු විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මෙලෙස පැවසූයේ ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ මධ්‍යම පළාත් මෙහෙම කමිටු ප්‍රථම රැස්වීම අද දින(24) ඒ මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදිය.

පළාත් නවයම ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංග අතරින් මධ්‍යම පලාත ප්‍රමුඛ කරගත් ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් හා ඊට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලද අතර මූලිකාංග නමයක් යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

රේඛීය අමාත්‍යාංශය මගින් පළාත් සභා සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම, පළාත් මෙහෙයුම් කමිටු සංයුතිය හඳුන්වාදීම, �අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානයේ සංයුතිය පිළිබඳව පැහැදිලි කිරීම, පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම පළාත තුළ මේ යටතේ ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු දිර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මධ්‍යම පළාත වෙනුවෙන් සකස් කරන ලද අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය එම කමිටුවේ අනුශාසක මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ එකඟත්වයෙන් පළාත් මෙහෙයුම් කමිටුවේ අනුමැතිය සහිතව එළඹෙන විසිනම වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකර දැනුවත් කිරීමට ද නියමිතය.

මෙම නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණයන් යටතේ මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි අධ්‍යාපන සාධනය වෙනුවෙන් විශේෂිත අවධානය යොමුකර පළාත තුළ නව කලාප අධ්‍යාපන කාර්යාල හතරක් ස්ථාපිත කිරීමට ද යෝජිතය. ඒ අනුව මෙතෙක් පළාතේ පැවති කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 15 සිට 19ක් බවට පත්වේ.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ. ජී. එස්. නිශ්ශංක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරතන යන මහත්ම මහත්මීන් , සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ‘සහනෝදය’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් මගින් රුපියල් මිලියන 18.8 ක න් මුදලක් මේ සඳහා වැය කොට තිබේ. ඊට වැඩිහිටියන් ඇතුළත් කරගැනීම ඊයේ සිටම ආරම්භ කරන ලදී. අනතුරුව ආණ්ඩුකාර ගමගේ මහතා සත්කාරක නිවහන පරිශ්‍රය නිරීක්ෂණයටද සහභාගී විය. මෙය පරිපාලනය කෙරෙන්නේ පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේයි.

හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතාගේ අදහසක් අනුව යි වතු බංගලාවක් සේ පැවති මෙම ගොඩනැගිල්ල ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනක් සේ ප්‍රතිසංස්කරණය කළේ.

මේ මධ්‍යම පළාත් සභාව යටතේ ස්ථාපනය කරන පළමු ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනයි. නේවාසික වැඩිහිටි කාන්තාවන් දසදෙනෙකු හා වැඩිහිටි පිරිමින් දස දෙනෙකුගෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට කටයුතු කෙරිණි .

දෙපාර්තමේන්තුව අදාළ අත්‍යාවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගනු ලැබ ඇත්තේ 2021 වර්ෂයේදීය. පළාත තුළ ඇති වෙනත් ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන සතු අතිරික්ත පාරිභෝගික ද්‍රව්‍ය හා උපකරණද මෙහි භාවිතය සඳහා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුහුණුව හා නේවාසිකයන් සඳහා වූ ආහාර වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය සහය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් රෝහල වෙතිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් නේවාසික වැඩිහිටියන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරනු ලැබීය.

දෙපාර්තමේන්තුවේ සමාජ සේවා අංශය මගින් ලබා දුන් ඇස් කණ්ණාඩි, රෝද පුටු, අත්වාරු, කොමඩ් පුටු, ට්‍රයිසිකල් ආදී උපකරණ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත පිරිනැමීමටද ආණ්ඩුකාර ගමගේ මහතා එක්විය. එසේම යුනිසෙෆ් ආයතනයේ මැදහත්වීමෙන් වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමක්ද සිදු කෙරිණි.

මෙයට සමගාමීව සමාජගත කළ දරුවන් පිරිසක් වෙත මූලික අවශ්‍යතා හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් වානේ මේස, අල්මාරි,මහන මැෂින් ආදී උපකරණ ලබාදීමටද පියවර ගෙන තිබිණි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ නිසි රැකවරණයක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි සමාජයේ සැලකිල්ල ඉහළින්ම යොමු විය යුතු බවයි.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් හා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩි.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook