පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර ආපදා සම්බන්ධ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම.

මහනුවර ආපදා සම්බන්ධ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම. මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයට පත්වී ඇති ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබද විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන්වන කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (09) දින පැවැත්විණි.මේවන විට අපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 52,469 ක පුද්ගලයින් 166,656 ජනතාව අපදාවට ලක්වී තිබේ. අවතැන්වූ පවුල් 8,129 ක් පුද්ගලයින් 28,046 ක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන 308ක රඳවා ඇත.මෙහිදි අවතැන් වු ජනතාවගේ ජන ජීවත සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ‍ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපදාවෙන් හානියට පත් වූ ප්‍රදේශයන් යථා තත්ත්වයට පත් කිරීම සහ එවායේ මේ දක්වා ප්‍රගතිය සම්බන්ධයෙන් අවාධානය යොමු කෙරිණි.මේ යටතේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය, අධ්‍යාපන, පළාත් පාලන ආයතන කටයුතු, ප්‍රවාහන සේවා, ජල සම්පාදන, වාරිමාර්ග, ඛනිජ තෙල්, සන්නිවේදන මධ්‍යස්ථාන, ආපදා සහන සේවා, සෞඛ්‍ය සේවා, සුරක්ෂිතතා මධ්‍යස්ථාන ආදි කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපදාවෙන් හානියට පත් ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට ජනපති නුවරඑළියට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපදාවෙන් හානියට පත් ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ශ්‍රවනාගායේදී අද (08) දින පැවැත්විණි.ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි පැවසීය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 19,780කට අයත් පුද්ගලයෝ 63,121ක් පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, ජනතාවගේ ගමනාගමන පහසුකම් සපුරාලීම වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.වතු ආශ්‍රිත මාර්ග 611ක්, පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා යන කිසිදු ආයතනයකට අයත් නොවීම හේතුවෙන් ප්‍රතිසංස්කරණයට ලක් වි නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, වතු සමාගම්වලට අයත්, නමුත් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිතා කරන, ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වන සියලු මාර්ග රජයට පවරාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ පාසල් 551න් 490ක් දෙසැම්බර් 16 වන දා වන විට, යළි ආරම්භ කිරිමේ හැකියාව තිබෙන බවත් මෙහිදි අනාවරණය වූ අතර, එදිනට හැකි තරම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසඩ මෙහිදි උපදෙස් දුන් ජනාධිපතිවරයා, දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල්වල දරුවන් ආසන්න පාසලකට යොමු කිරීමටත් සහ එහිදී ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමටත් උපදෙස් ලබා දුන්නේය.ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.මීට සමගාමීය ආපදා තත්ත්ය හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, කෘෂිකර්ම, ගොවිජන සේවා, වාර්මාර්ග, සන්නිවේදන, ජල සම්පාදන, විදුලිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරිණි.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, පී දිගාම්බරම්, ජීවන් තොන්ඩමන් යන මහත්ම මහත්මින්, ඇතුළු මහජන නියෝජිතයින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තේනනකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.

අපදාවෙන් හානියට පත් මාතලේ ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට ජනපති මාතලේට.

අපදාවෙන් හානියට පත් මාතලේ ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට ජනපති මාතලේට. අපදාවෙන් හානියට පත් මාතලේ ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (6) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. හානියට පත් මෙතෙක් අවසන් කිරිමට නොහැකිව ඇති මහාමාර්ග, විදුලිය,පානීය ජලය, සන්නීවේදන පහසුකම්, සෞඛ්‍ය, වාරිමාර්ග කටයුතු හා ඉන්ධන සැපයුම් කටයුතු ඉතා ඉක්මනින් යථාතත්වයට පත්කරමින් අවසන් කිරිමට උපදෙස් ලබාදුන් අතර දිර්ඝකාලීන අලුත්වැඩියා හා ඉදිකිරිම් කටයුතු පිලිබදව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පිලිබදව ද සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළේය.

නැවත මධ්‍යම කදුකරය සුවපත් කිරිමට එක්ව ක්‍රමානුකූලව වැඩ කළ යුතුයි- ජනපති මහනුවර දී කියයි.

නැවත මධ්‍යම කදුකරය සුවපත් කිරිමට එක්ව ක්‍රමානුකූලව වැඩ කළ යුතුයි- ජනපති මහනුවර දී කියයි. අපදාවෙන් හානියට පත් මහනුවර ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම (6) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේවන විට අපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අවතැන් වු පවුල් 28095 ක ජනතාව ස්ථාන 341ක සුරක්ෂිතව සිටින බවත් අපදාව සිදුවුනු අවස්ථාවේ සිට මහජනතාව සුරක්ෂිත කිරීමට, ඔවුන්ගේ සුභසාධනය හා අවශ්‍යතා ලබාදීම වෙනුවෙන් කටයුතු කල රජ්‍ය සේවා යාන්ත්‍රය ජනපතිවරයාගේ ඇගයීමට ලක්විය. අවතැන් වු ජනතාවට සුරක්ෂිත ජනජිවිතයක් ලබාදෙමින් ඉතා ඉක්මනින් ඔවුන්ගේ ආර්ථික ජිවනෝපයන් ඇතිකිරිමට අවශ්‍ය කටයුතු අයතන බේදයකින් තොරව එක්ව කල යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළහ. හානියට පත් මෙතෙක් අවසන් කිරිමට නොහැකිව ඇති මහාමාර්ග, විදුලිය,පානීය ජලය, සන්නීවේදන පහසුකම්, සෞබ්‍යය, වාරිමාර්ග කටයුතු හා ඉන්ධන සැපයුම් කටයුතු ඉතා ඉක්මනින් යථාතත්වයට පත්කරමින් අවසන් කිරිමට උපදෙස් ලබාදුන් අතර දිර්ඝකාලීන අලුත්වැඩියා හා ඉදිකිරිම් කටයුතු පිලිබදව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පිලිබදව ද සාකච්ඡා කෙරිණ. ගංවතුර හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ එකතුව ඇති විශාල කසළ ප්‍රමාණය ඉවත්කිරිමට තාවකාලික ස්ථානයක් ලබාදිමට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා මහකන්නයේ වී වගා කටයුතු ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරිමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපර්තමේන්තුව එක්ව ඒකාබද්ධ සැලැස්මකින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන්හ. විනාශයට පත් වගාවන් හා සත්ව පාලන සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා ආධාර ලබාදීමට විධිමත් සැලැස්මක් හා ඉක්මන් වැඩපිළිවෙළක් සැකසීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර අපදාවට ලක්ව ඇති මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හා පාසල් සදහා ප්‍රවේශ මාර්ග අවහිරතා ගැටලු ඉවත්කරමින් පිළිසකර කටයුතු අවසන් කරමින් එලැඹෙන 16 වන දා උපරිම පාසල් ප්‍රමණයක් ආරම්භ කිරිමට සුදුසු වැඩපිළිවෙළක් සකස්කිරිමට නිලධාරීන්ට උපදෙස් ලබදුන්හ. ආපදා තත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පුර්ණ නිවාස හානි 1800 ක් හා අර්ථ නිවාස හානි 13044 වාර්තා වී ඇති අතර එම නිවාස හානි සදහා ලබාදීමට සැලසුම්කර ඇති ආධාර හා දීමනා ලබාදීමට අවශ්‍ය සංඛ්‍යා ලේඛන කඩිනමින් ලබාගැනිමට උපදෙස් ලබාදුන් අතර නැවත මුල් පදිංචි ස්ථානවල පදිංචි කිරිමට නොහැකි ජනතාව සදහා ලබාදීමට සුදුසු රජයේ ඉඩම් හදුනාගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්හ. අනවසර ඉදිකිරිම් සදහා නැවත පලාත් පාලන ආයතන විසින් අවසරය ලබානොදිය යුතු බවත් එම ස්ථාන වෙත විදුලි සබදතා ලබානොදිමට කටයුතු කරන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිවරයා මධ්‍යම කදුකරයේ මෙවන් ව්‍යසනයක් නැවත ඇති නොවීමට වැඩකළයුතු බව අවධාරණය කෙරිණ. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතා, කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ආමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා පිරිසක් ඊට එක් වුහ.

"ඊ අයිඩියාස් 2025" ජයග්‍රාහකයින් ඇගයේ

"ඊ අයිඩියාස් 2025" ජයග්‍රාහකයින් ඇගයේ බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බල ශක්ති ප්‍රවර්ධනය භාවිතය පිළිබඳව ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා පවත්වන ලද "ඊ අයිඩියාස් 2025" (e – ideas 2025) තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී (26) පැවැත්විණි.මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදි සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලද රචනා, නාට්‍ය තරග සහ ‍ චිත්‍ර, කෙටි වීඩියෝ සහ නව නිර්මාණ තරග ජයග්‍රාහකයින් ඇගයීම සිදු කෙරිණි. අතර මීට සමගාමීව ජයග්‍රාහි නාට්‍ය නිර්මාණ වේදිකාගත කිරීම සහ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාපනයේ ලේකම් ජගත් අධිකාරි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන්, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරින්, විදුහල්පතිවරු, ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook