පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

‘ඕගස්ට් ෆෙයාර් 2025’ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී දී ඇරඹේ

‘ඕගස්ට් ෆෙයාර් 2025’ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී දී ඇරඹේ මධ්‍යම පළාතේ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් අලෙවි ප්‍රදර්ශනය ‘ඕගස්ට් ෆෙයාර් 2025’ (August Fair 2025) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හීදි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (30) දින පෙරවරුවේ ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් කර්මාන්ත සහ වනිතා කටයුතු අමාත්‍යාංශය සහ වනිතා කටයුතු අංශය එක්ව මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. මෙහිදි මධ්‍යම පළාතේ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ හස්ත කර්මාන්ත නිෂ්පාදන, ආහාර වර්ග, නිමි ඇඳුම්, තෑගී භාණ්ඩ, රූපලාවන්‍ය නිෂ්පාදන, කුළු බඩු සහ රසකැවිලි ඇතුළු නිෂ්පාදන රැසක් මිල දී ගැනීමට අස්ථාව සලසා දී තිබිණි. ඒ් සඳහා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් හතලිහක පමණ පිරිසක් සහභාගී විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් කර්මාන්ත සහ වනිතා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අයි.ඩබ්.එම්.සී.කේ. ඉලංගකෝන්, සහකාර අධ්‍යක්ෂ ජීවන්ති අමරසිංහ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු ව්‍යවසායකයින් පිරිසක් ඒක් වූහ.

මධ්‍යම පළාතේ සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සාකච්ඡාවට...

මධ්‍යම පළාතේ සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සාකච්ඡාවට... මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන, සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (03) පැවැත්විණි. මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමය (TGLA-CP) හා එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත මඟ පෙන්වන්නන් මුහුණ දෙන සංචාරක මග පෙන්වන්නන් ලෙස ලියාපදිංචි කිරීම, වැඩිදුර පුහුණුවීම් ලබාදීම් සහ විභාග පැවැත්වීම යන වෘත්තීය ගැටළු සහ ක්ෂේත්‍රයේ පවතින ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම, මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල රාජ්‍ය නිලධාරීන්, මධ්‍යම පළාත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

‘ඕගස්ට් ෆෙයාර් 2025’ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී දී ඇරඹේ...

‘ඕගස්ට් ෆෙයාර් 2025’ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී දී ඇරඹේ..... මධ්‍යම පළාතේ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් අලෙවි ප්‍රදර්ශනය ‘ඕගස්ට් ෆෙයාර් 2025’ (August Fair 2025) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හීදි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (30) දින පෙරවරුවේ ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් කර්මාන්ත සහ වනිතා කටයුතු අමාත්‍යාංශය සහ වනිතා කටයුතු අංශය එක්ව මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. මෙහිදි මධ්‍යම පළාතේ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ හස්ත කර්මාන්ත නිෂ්පාදන, ආහාර වර්ග, නිමි ඇඳුම්, තෑගී භාණ්ඩ, රූපලාවන්‍ය නිෂ්පාදන, කුළු බඩු සහ රසකැවිලි ඇතුළු නිෂ්පාදන රැසක් මිල දී ගැනීමට අස්ථාව සලසා දී තිබිණි. ඒ් සඳහා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් හතලිහක පමණ පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් කර්මාන්ත සහ වනිතා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අයි.ඩබ්.එම්.සී.කේ. ඉලංගකෝන්, සහකාර අධ්‍යක්ෂ ජීවන්ති අමරසිංහ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු ව්‍යවසායකයින් පිරිසක් ඒක් වූහ.

ජාතික සංහිඳියාවට මහනුවර මහජන සභාව රැස්වේ.

ජාතික සංහිඳියාවට මහනුවර මහජන සභාව රැස්වේ. ‘ජාතික සංහිඳියා ප්‍රවේශය ශක්තිමත් කරමු’ මහනුවර මහජන සභාව, ‘ජාතික සංහිඳියා ප්‍රවේශය ශක්තිමත් කරමු’ තේමාව යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේ දී (29) පැවැත්විණි. ශ්‍රී ලංකා ජතික සාම මණ්ඩලය සහ මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව සමග එක්ව මෙම වැඩසටහන සංවිධාකය කර තිබිණි. මහ ජාතිය සමග සුළු ජාතිය නොව මහ ජාතිය සමග සහෝදර ජාතිය, සහෝදර ආගම් ලෙස භාවිතා කිරීම සදහා විද්වත් අදහස් ලබා ගැනීමේ කතිකාවතක් මීට සමගාමීව පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, මහචාර්යවරුන් වන උපුල් බී, දිසානායක, රෝහණ ලක්ෂමන් පියදාස, ඒ.එච්.එම්. සිද්දික්, එම්.එස්.එම්. අස්ලම් යන මහත්වරුන්, මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

මහනුවර නාගරික බල ප්‍රදේශයේ වැසි ජලය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ.

මහනුවර නාගරික බල ප්‍රදේශයේ වැසි ජලය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ. දීර්ග කාලයක සිට අධික වර්ෂා කාලවලදී නගරයේ විවිධ ස්ථානයන් ආපදාවට ලක්ව ඇති අතර එම තත්ත්වයන් වලක්වා ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (28) පැවැත්විණ. මහනුවර තපෝවනය - උඩවත්තකැලය ආශ්‍රිතව වැසි ජලය නිසි ලෙස බැස නොයාමෙන් ඇතිවන බලපෑම අවම කිරිම , විදිමත් කානු පද්ධතියක් ස්ථාපිත කිරීම , අපද්‍රව්‍ය ඒකරාශිවිම වැලැක්වීම , අතීතයේ පැවති නාගරික ජලය බැසීමේ උමන් මාර්ග නිසිලෙස නඩත්තු කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී කරුණු සාකච්ජා විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා )එන්.විජේකෝන් , නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ , ශ්‍රී දළදා මාළිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් , වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව , මහනුවර මහා නගර සභාව ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook