පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

‘මැදරට විස්කම් දෑත්’දකින්න අවස්ථාව

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ‘මැදරට විස්කම් දෑත් 2026’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ නිර්මාණ සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි, මධ්‍යම පළාත් පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන් ප්‍රධානත්වයෙන් පසුගියදා (02) ආරම්භ විය. මෙම අලෙවි ප්‍රදර්ශනය අ‍ප්‍රේල් මස 02 සහ 03,04 යන දිනවලද පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වාපැවැත්විණ. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් මිලදී ගැනීමත් ඒවා නිෂ්පාදනය කරනු අයුරු දැක බලා ගැනීමටත් අවස්ථාව උදාවිය.මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක් වුහ.

කටුකැලේ, ශ්‍රී සෙල්වවිනයාගර් කෝවිලේ තේරු රථ සංචාරය කෙරේ

කටුකැලේ, ශ්‍රී සෙල්වවිනයාගර් කෝවිලේ තේරු රථ සංචාරය කෙරේ. මහනුවර, කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ වාර්ෂික පංචරථ භවනි තේරු මහෝත්සවයේ පංචරථ තේරු රථ පෙරහර මහනුවර නගරයේ වීදී සංචාරය (31) පස්වරුවේ සිදු කෙරිණි.මෙම අවස්ථාව සදහා සහභාගීවූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ද ආශීර්වාද ලබා ගැනීමට එක් වූහ. මෙවර පංචරථ භවනි තේරු මහහෝත්සවය පසුගිය මාර්තු මස 18 දින ආරම්භ වූ අතර එළඹෙන අප්‍රෙල් මස 03 දින පැවැත්වෙන බහිරව පූජාවෙන් තේරු උත්සවයේ කටයුතු අවසන්වේ.මෙම අවස්ථාව සඳහා කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් ඝණදෙවි කෝවිලේ ප්‍රධාන භාරකාර ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්තී, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් ඇතුළු බැතිමතුන් පිරිසක් එක් වූහ.

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද? නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද? නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔 #MindfulConsumption #සුරකිමුලංකා #SaveEnergy #EnergyEfficiency #SustainableSriLanka #විදුලිය_අරපිරිමැස්ම #සිහිනුවණින්_පරිභෝජනය #GreenLanka #SmartConsumer

Biz Spark 2026 මෙවරත්

Biz Spark 2026 මෙවරත් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන ලද මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුව (Biz Spark 2026) මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පේරාදෙණිය, ඕක්රේ හෝටලයේදී පසුගියදා (31) පැවත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ පවතින‍ වෙළෙඳපල අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරයි.මෙහිදි ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන වෙත මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් සම්බන්ධකරගෙන ඔවුනගේ නිෂ්පාදන ගැණුම්කරුවන් හට හඳුන්වා දීම, නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා දීම සිදු කෙරේ.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා ඇතුලු දෙපාර්තමේන්තු නිලධාරින්, මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන්, ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් පිරිසක් සහභාගී විය.

මධ්‍යම පළාතේ වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාතේ වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීමට අදාළ ලියාපදිංචි අනුමත/ ගරාජ් ආයතනවල සහතික කිරීමේ නිලධාරීන් සමග සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (31) පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණී. මෙම සාකච්ඡාවේ දී යෝග්‍යතා සහතික නිකුත් කිරීමට අදාළ ලියාපදිංචි අනුමත / ගරාජ් ආයතනවල සහතික කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඒ අනුව එම ක්‍රියාවලිය සිදු කිරීමේදී දැනට පවතින අඩුපාඩු හා ගැටළු පිළිබඳව අදහස් හා විසඳුම් යෝජනා ලබාගැනීම සිදු කෙරිණී. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් අයි.එස්. රත්නායක යන මහත්ම මහත්මීන්ද ඇතුළු, පොලිස් නිලධාරීන්, ලියාපදිංචි අනුමත/ ගරාජ් ආයතනවල සහතික කිරීමේ නියෝජිතයින් පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook