පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් නිෂ්පාදන සිදු කරන සහ නව නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් 54 ක් එක් රැස් කරගනිමින් ඔවුන් අභිප්‍රේණය කිරීම, තාක්ෂණික දැනුම සහ පුහුණු පාඨමාලා සදහා විවිධ ආයතන සමග සම්බන්ධකර නව නිෂ්පාදනයන් සදහා මගපෙන්වීමේ වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි නයනා විජේරත්න මහත්මියගේ සම්පත්දායකත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පසුගිය 27 දින පැවැත්විණ.

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ කොළඹ ඒ බවර් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු දේවප්‍රිය අත්තනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය 20 සහ 21 යන දෙදින තුල පොල්ගොල්ල ජාතික සමූපකාර ආයතනයේදී සහ කලාසිරිගම ගම්මානයේදි පැවැත්විණ.එහිදි ප්‍රමිතියකට අනුව හණ කෙදි වර්ණ ගැන්වීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, කලාසිරිගම ගම්මානයේ හණ ශිල්පීන් ඒ සඳහා සහභාගි විය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපන උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් .

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපන උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් . උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පසුගිය 24 වන දා සිට 28 වන දා දක්වා සතියක කාල සීමාවක් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින්ද සමන්විතව පැවැත්වීම විශේෂත්වයක් විය. මෙය Hard to reach යටතේ unisef අනුග්‍රහයෙන් පැවැත්විණ. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, යුනිස්කෝ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණී. ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය. මෙහිදී ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා බලපා ඇති වැලි හා පස් ලබා ගැනීම හා ප්‍රවාහනය, විධිමත් පරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම හා ප්‍රදානය, පසුගිය කාලයේ සිදුකළ ඉදිකිරීම් සම්බන්ධයෙන් හිඟ මුදල් ලබා ගැනීම, අමුද්‍රව්‍ය මිල සහ සේවක වැටුප් ඉහළ යාම, මධ්‍යම පළාතේ ඉදිකිරීම් සිදුකිරීම ආදී සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සභාපති එස්. ඩබ්ලිව්. ගුණවර්ධන, ලේකම් ඊ. බණ්ඩාරනායක, භාණ්ඩාගාරික කේ. ඒ. ඒකනායක යන මහත්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook