පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය.

මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සැපයුම අම්පිටිය කලාපයට සම්බන්ධ කරමින් ධාරිතාවය පුළුල් කළ ජල සැපයුම් ඒකකය විවෘත කිරිම, දුනුමඩලාව ජල පොම්පාගාර පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27දා සිදු කෙරිණි. මහනුවර මහ නගර සභාව සතු මෙම ජල ඒකකය මගින් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ජල පෝෂකයෙන් ලබා ගන්නා ජලය අම්පිටිය, බහිරවකන්ද, රජපිහිල්ල මාවත ඇතුලු ප්‍රදේශ කිහිපයකට බෙදා හැරීම සිදු කෙරේ.රුපියල් මිලියන 100ක ඇස්තමේන්තු ගත වියදමින් සිදුවූ එම ව්‍යාපෘතිය සඳහා සෘජු ශ්‍රම දායක්තවය යටතේ රුපියල් මිලියන 70ක වියදමින් සිදු කිරිම සුවිශේ කාරණයක් වන අතර නගර සභාවේ ඉංජිනේරුවරුන්ගේ සහ සේවක පිරිස්වල සහයෙන් මෙම කටයුතු සිදු කර ඇත.වර්ෂ 2019 මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී යෝජනාවකින් සම්මත වූ මෙම ව්‍යාපෘතියේ දැනට තිබුණු ඝන මීටර් 500ක දෛනික පොම්ප කිරීම ඝන මීටර් 950 දක්වා ඉහළ නංවා තිබේ.මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, හිටපු පුරපති කේසර සේනානායක, හිටපු විපක්ෂ නායක සේන දිසානායක නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය ආණ්ඩුකාර නිරික්ෂණයට.

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය ආණ්ඩුකාර නිරික්ෂණයට මහනුවර අධ්‍යාපන කලාපයේ ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා 27දා උදැසන එක්වූහ.පසුගියදා පැවති විද්‍යාලයීය ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විමෙන් අනතුරුව විදුහල්පතිනිය විසින් සිදු කළ ඉල්ලිමකට අනුව ආණ්ඩුකාරවරයා මෙම නිරික්ෂණ චාරිකාවට සහභාගී වූහ.ඉතා අවම පහසුකම් මධ්‍යයේ මෙම පාසල පවත්වාගෙන යනු ලබන අතර විදුහල්පතිනිය ඇතුලු ආචර්ය මණ්ඩලයේ කැපවිම මත මෙම කටයුතු සිදු කිරිම පිළිබඳව ආණ්ඩුකාරවර‍යාගේ විශේෂ ඇගයීමකට ලක් විය. මෙම සීමිත ඉඩකඩ තුළ පහසුකම් සැපයීම හා ගොඩනැගිලිවල තත්ත්වය පරීක්‍ෂා කිරීම සදහා කණ්ඩායමක් වහාම පාසලට යැවීමටත්, ඒ අනුව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී.මෙම නිරික්ෂණ චාරිකාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සි.අයි. අන්දරගේ, විදුහල්පතිනි කේ.එම්. විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වූහ.

සෙංකඩගල වෙසක් කලාපය මෙවරත්

2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද උත්කර්ශවත් ලෙස පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (27) දින පැවැත්විණි.අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරිය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, දර්ශනපති පුජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සාකච්ඡාව පැවැත්විණි.පසුගිය වසරේ ද විවිධ බාධක මධ්‍යයයේ වෙසක් කලාපය සාර්ථකව පැවැත්වු බවත්, මේ වන විට රටේහි තත්ත්ය ඇතුලු යහපත් තත්ත්වයක පවතින බැවින්, ඉතා හොඳ සංවිධාන ශක්තියක් මගින්, ආමිස සහ ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් මෙම කටයුතු සිදු කළ යුතු බව මධ්‍යම පළාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ මහතා මෙහිදි සදහන් කළේය.රාජ්‍ය වෙසක් උත්සවයද මෙවර මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විම සදහා කටයුතු සුදානම් වන බැවින්, ඊට සමගාමිව මහනුවර වෙසක් කලාපයද සාර්ථකව පැවැත්විය යුතු බවද වැඩිදුරටත් සඳහන් කළ ආණ්ඩුකාරවරයා බාධක මධ්‍යයේ වුවද ගිය වර වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සදහා ලබා දුන් සහාය සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කළේය.මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන පාසල් සහ වෙනත් ආයතන රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය, මහනුවර නගරය තුළ කලාප දහයකින් යුක්තව මෙවර පැවැත්වේ.සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ පිණ්ඩපාත චාරිකා, වැඩිහිටි සත්කාරක වැඩසටහන්, දන්සැල්, වෙසක් පහන් කූඩූ තරඟ, භක්තී ගී සංදර්ශන, ඇතුළු වැඩටහන් රැසක් මේ යටතේ සංවිධානය කිරීමට නියමිතව ඇත.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන නාථ දේවාලයේ බස්නායක නිලමේතුමන්, ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශ, දෙපාර්තමෙන්තු ප්‍රධානින් රාජ්‍ය හා වෙළඳ සංවිධාන නියෝජතයින් පිරිසක් එක් වූහ.

පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණුවක්..

පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණුවක්.. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ආදායම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (27) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අනුග්‍රහයෙන් මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික පළාත් පාලන සහකාර කොමසාරිස් කොමසාරිස් සුනිල් හේරත් මහතා මෙම වැඩසටහනේ සම්පත් දායක ලෙස කටයුතු කළේය. මේ වැඩසටහන් සඳහා පළාත් පාලන ම ආයතනවල ආදායම් පරීක්ෂක නිලධාරීන්, විෂය භාර නිලධාරී ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කළමනාකරණ සිසුන්ට විනයාරක්ෂක නිලධාරීන්ගෙන් නායකත්ව පුහුණුවක්..

කළමනාකරණ සිසුන්ට විනයාරක්ෂක නිලධාරීන්ගෙන් නායකත්ව පුහුණුවක්.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2022 වසර නවක සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් විශ්වවිද්‍යායීය විනයාරක්ෂක නිලධාරීන් විසින් 2024.03.21 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාල රග්බි ක්‍රිඩාංගනයේදී පවත්වන ලදි. එහිදී කළමනාකරණ පිඨ විද්‍යාර්ථයින් සදහා පෞරුෂත්ව සංවර්ධනය, නායකත්වය සහ කළමනාකරණ සිසුන් ලෙස මානව සම්පත් කාලමනාකරණයේදී කණ්ඩායම් ක්‍රියාකාරකම් වල වැදගත්කම ආදී කරුණු පිළිබඳ මෙහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇසුරින් මෙම නායකත්ව පුහුණු වැඩසටහන සමන්විත විය. ශාරිරික යෝග්‍යතාව හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය විනය පිළිබඳව මෙන්ම නවක සිසුන් විශ්වවිද්‍යාල පරිසරයට හා ඔවුන්ගේ මානසික සංවර්ධනය ඉවහල් වූ මෙම වැඩසටහන සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook